ශ්‍රී ලංකා ක්‍රිකට් - තොරතුරු දැනගැනීමේ පනතේ ආනාවරණ
ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගිය කාලයේ බොහෝ කතාබහට ලක්වූයේ කෙතරම් තරඟාවලිවලට සහභාගි වුවත් ක්‍රීඩකයින් දිගින් දිගටම අසාර්ථක වීම හේතුවෙනි. 2019 වර්ෂයේ මුල් මාස කිහිපයේ ම ක්‍රීඩකයින් අසාර්ථක වීම නිසා බොහෝ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට අහිමි වනු දැකිය හැකි විය. ශ්‍රී ලංකාවේ ඉහළම ප්‍රේක්ෂක ඉල්ලීමක් සහිත ක්‍රීඩාව ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. ජාත්‍යන්තර තලය තුළ ක්‍රිකට් ශ්‍රී ලංකාවට විශේෂ ක්‍රීඩාවක් වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ ජාත්‍යන්තරය හමුවේ ගොඩනගාගෙන ඇති කීර්ති නාමය හේතුවෙනි. මේ නිසා ශ්‍රී ලාංකික ජනයා ක්‍රිකට් ක්‍රීඩාව වෙත ඇති උනන්දුව අඛණ්ඩව පවත්වා ගනියි. ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ඇති මෙම සුවිශේෂී උනන්දුව නිසාම පසුගිය කාලයේ ඇති වූ බිඳවැටීම් බොහෝ දෙනාගේ කතාබහට ලක්වූ ආකාරය දැකිය හැකි විය. මේ සම්බන්ධව විවිධ විචාර සහ අදහස් දකින්නට ලැබිණි. වර්තමානය වන විට ක්‍රීඩකයින්ගේ දක්ෂතා යම් කිසි මට්ටමකින් යථා තත්වයට පත්වෙමින් තිබුණ ද මේ පිළිබඳ නිසි අවබෝධයක් ලබා තිබීම ඉතා වැදගත් වෙයි.
ජාත්‍යන්තර වශයෙන් සහභාගී වන ඕනෑම ක්‍රීඩාවක දී ක්‍රීඩකයින් විසින් තම රටේ නාමය ජාත්‍යන්තරය තුල නියෝජනය කරයි. එමඟින් නියෝජනය වන්නේ රටේ සියලුම ජනතාවයි. ජාතික ක්‍රිකට් කණ්ඩායම විසින් ජාත්‍යන්තරය තුළ නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකාවේ නාමය නිසා ක්‍රිකට් ක්‍රීඩාව යහපත් ලෙස පවත්වා ගැනීමේ වගකීමක් සියලුම පුරවැසියන්ට පවතී. මේ නිසා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ආයතනික වශයෙන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව තොරතුරු මහජනයාට සමීප විය යුතු ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද යම්තාක් දුරකට ජනතා මුදලින් නඩත්තු වීම සිදු වෙයි. මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ යම් අර්බුදයක් පවතීද යන්න පළිබඳ තොරතුරු දැනගැනීමේ අයිතිය ද ජනතාව සතු වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසාර්ථක වීම කෙරෙහි ක්‍රීඩකයින් දක්ෂතා නොපෙන්වීම දැකිය හැකි විය. මේ සඳහා බලපෑ හැකි හේතු අතර ප්‍රධාන වශයෙන් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ ක්‍රියාවලිය තුළ ඔවුන්ගේ දක්ෂතාවලට මුල්තැන ලැබෙන්නේ ද, ඔවුන්ට හොඳ පුහුණුකරුවන් මඟින් හොඳ පුහුණුවක් ලැබෙන්නේ ද යන කරුණු වැදගත් වෙයි. තරඟ ජයග්‍රහණය සඳහා දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායම තුළට ඇතුලත් කිරීම, පුහුණුකරුවන්ගේ කැපවීම මඟින් නිසි පුහුණුවක් ලබා දීම සහ කණ්ඩායම තුළ රඳවා ගැනීම මෙන්ම අවස්ථා ලබා දීම ඉතා වැදගත් වේ. පසුගිය කාලයේ කණ්ඩායම තුළ ඇතැම් ක්‍රීඩකයින්ගේ ක්‍රියාකලාපය අනුව එම ක්‍රියාවලින් නිසි පරිදි සිදුවී ඇත් ද යන ගැටළුව පැන නැගිණි.
ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනිමේ පනත මඟින් විස්තර කර ඇති පොදු අධිකාරීන් යටතට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද ඇතුළත් වෙයි. මේ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය තුළට ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් බඳවා ගැනීමේ දී අනුගමනය ලබන ක්‍රියා පටිපාටිය සහ ඊට අදාළ කොන්දේසි පිළිබඳ විමසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද තොරතුරු දැනගැනීමේ පනත යටතේ වන ඉල්ලීමක් මගින් එම තොරතුරු ලබා ගැනීමට අපට හැකි විය. මෙම තොරතුරු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායම තුළට ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් ඇතුළත් කිරීම පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි ය. මෙම ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම මඟින් ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවන අවස්ථාවල ඒ පිළිබඳ ප්‍රශ්න නැගීමට මහ ජනතාවට හැකියාව ඇත.
එම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා පුහුණුකරුවන් ඇතුලත් කර ගැනීමේ දී පහත කරුණු පිළිබඳව අවදානය යොමු කෙරෙයි.
· දැනට ජාතික පුහුණුකිරීම් මට්ටමේ 3 වන ස්ථානයේ රැඳී සිටිය යුතු ය.
· අන්තර්ජාතික වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා කිරීමේ අත්දැකීම් සහ කළමණාකරණ අත්දැකීම් තිබිය යුතුය.
· ප්‍රධාන පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ කටයුතු කිරීමේ මනා පුහුණුව සහිත තාක්ෂණික පුහුණුකරුවෙකු විය යුතුය.
· ඕනෑම වෙලාවක ඕනෑම මට්ටමකින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණු කිරීම සඳහා බැඳී සිටිය යුතුය.
· සැළසුම් කිරීම, සංවිධානය කිරීම හා සම්බන්ධීකරණ හැකියාව තිබිය යුතු ය.
· කණ්ඩායමක් ලෙස සහ ස්වාධීනව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතු ය.
· උසස් මට්ටමේ අන්තර්පුද්ගල, ලිඛිත සහ වාචික යන සන්නිවේදන කුසලතා තිබිය යුතු ය.
· සාමාන්‍ය පරිගණක දැනුමක් සහ මෙම විෂය පිළිබඳ ඉහළ දැනුමක් තිබිය යුතුය.
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තෝරා ගනු ලබන පුහුණුකරුවන් විසින් ඉහත සුදුසුකම් සපුරාලීම කළ යුතු ය. මෙම පදනම මගින් නිසිපරිදි පුහුණුකරුවන් තෝරා ගැනීම සිදු කරන්නේනම් කණ්ඩායමට උසස් මට්ටමේ සේවයක් සිදු කළ හැකි පුහුණුකරුවන් සම්බන්ධකර ගත හැකි ය.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අනුගමනය කරනු ලබන තෝරාගැනීම සඳහා වූ කොන්දේසි ලේඛනයේ පිටපතක් ද අප වෙත එවා ඇත. එම තොරතුරුවලට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩකයින් තෝරාගන්නා ආකාර දෙකකි. එනම් ජාතික තේරීම් කමිටුව මඟින් සහ වයස් කාණ්ඩවලට අදාල ජාතික ආධුනික තේරීම් කමිටුව මඟිනි. මෙම තේරීම් කමිටු නියෝජනය කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් වෙන් වෙන් වශයෙන් පවතී. ජාතික තේරීම් කමිටුව නියෝජනය කිරීම සඳහා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම, පිළිගත් ක්‍රිකට් ක්‍රීඩාවේ අවුරුදු 10 ක පළපුරුද්ද, ආධුනික තේරීම් කමිටුවේ අවුරුදු 04ක පළපුරුද්ද වැනි සුදුසුකම් සපුරාලිය යුතු ය. ආධුනික තේරීම් කමිටුව නියෝජනය කිරීම සඳහා 19 පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම හෝ ඉන් ඉහළ නියෝජනයක් තිබිය යුතු අතර පිළිගත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස වසර 05ක පළපුරුද්ද තිබිය යුතුය. පාසල් ක්‍රිකට් තුල අත්දැකීම් ද මෙහිදී සලකා බැලෙයි.
ක්‍රිකට් තේරීම් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා යටතේ පාලනය වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ පාලනය වෙයි. තේරීම් කමිටුව විසින් සිදුකරන තෝරා ගැනීම් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා හරහා ක්‍රීඩා අමාත්‍යවරයා ලවා සහතික කරගත යුතු වේ. තේරීම් කමිටු සාමාජිකයින් කිසිම විටෙක පුහුණුවීම් කටයුතුවලට සම්බන්ධ නොවේ. තේරීම් කමිටුවේ සාමාජිකයින්ට තම සේවා කාලය තුළ කිසිදු මුද්‍රිත, විද්‍යුත් මාධ්‍ය ආයතනයක නිලතල දැරිය නොහැකි ය. තේරීම් කමිටු සාමාජිකයින්ගේ අවුරුදු දෙකක කාලයක් සඳහා පත්කරනු ලබන අතර පැහැදිලි හේතුසාධක පවතීනම් එම තනතුරින් ඕනෑම වේලාවක පහකිරීමේ බලය ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි ය.
ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී අවංකභාවය, විවෘතභාවය යන කරුණු පිළිබඳව සලකා බැලෙයි. ශ්‍රී ලංකාවට තුන් ඉරියව්වෙන්ම දක්ෂතා සහිත ගුණාත්මක ක්‍රීඩකයින් තෝරා ගැනීම තේරීම් කමිටුව ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී භාවිතා කරනු ලබන ප්‍රධාන මූලධර්ම වේ.තේරීම් කමිටු සාමාජිකයින් ක්‍රිකට් තරඟ සහ පුහුණුවීම් කටයුතු අධීක්ෂණය කිරීම ද කළ යුතු අතර ඒ සඳහා කාලසටහනකට අනුව කටයුතු කල යුතුවේ.
ක්‍රීඩකයින් තෝරාගැනීමේදී පසුගිය මාස 12ක් තුළ ක්‍රීඩකයාගේ අන්තර්ජාතික, පළාත් සහ පළමු පෙළ ක්‍රිකට් තරඟවල දක්ෂතාවයන් සැළකිල්ලට ගනු ලැබේ. තෝරාගන්නා දින සිට ඉදිරියට වර්ෂයක කාලයක් සඳහා ක්‍රීඩකයාගේ ක්‍රීඩා කිරීමේ උපරිම හැකියාව සැළකිල්ලට ගනු ලබයි. කණ්ඩායම සමඟ කටයුතු කිරීමේ හැකියාව, කණ්ඩායම් හැගීම හා ආකල්ප හා විනය පිළිබඳව ද අවධානය යොමු කෙරෙයි. ක්‍රීඩකයින්ගේ වෛද්‍ය වාර්තා සහ සෞඛ්‍ය පිළිබඳවද විශේෂ අවධානයක් දෙනු ලැබේ.
ටෙස්ට්,එක්දින සහ විස්සයි විස්ස යන එක් එක් සංචිත සඳහා සුදුසුම ක්‍රීඩකයින් 15 දෙනෙකු පෙළගැස්වීම මෙහිදී තේරීම් කමිටුව මඟින් සිදුකරයි. මෙහිදී ක්‍රීඩකයාගේ වටිනාකම අනුව පෙළගැස්වීම සිදු කරයි. නායකතත්වය සහ උපනායකත්වය සඳහා වඩාත් සුදුසු කණ්ඩායම් සාමාජිකයින් ද නම් කරන ලබන්නේ තේරීම් කමිටුව මඟිනි. ක්‍රීඩකයින්ගේ වටිනාකම තක්සේරු කිරීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ පෙළගැස්වීම්ද සැලකිල්ලට ගනු ලබයි.
යම්කිසි ක්‍රීඩකයෙක් තෝරා නොගැනීම සඳහා බලපානු ලබන හේතු කිහිපයක් පවතී. එනම් නීත්‍යානුකූල හේතුවක් හෝ දැනුම්දීමකින් තොරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්රමුඛ තරඟ සඳහා ඉදිරිපත් නොවීම, අසනීප වීම හෝ ආබාධ ඇතිවීම හෝ විනය විරෝධී වීම නිසා තෝරා නොගැනීම සිදුවිය හැකි ය.
කණ්ඩායමේ නායකයා සහ තේරීම් කමිටුව අතර සම්බන්ධතාවය පවත්වාගත යුතු අතර ක්‍රීඩකයින්ගේ දායකත්වය කණ්ඩායමට ලැබීම පිළිබඳ කටයුතු අවබෝධය ලබා දිය යුතුය. තේරීම් කමිටුව මඟින් එක් එක් ක්‍රීඩකයින් අවුරුද්දකට දෙවතාවක්වත් හමුවී අදාළ ක්‍රීඩකයාගේ කාර්යභාරය පැහැදිලි කළ යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේදී මෙවැනි දීර්ඝ කොන්දේසි මාලාවකට යටත්ව සිදුකල යුතු ය. මෙම ක්‍රියාවලිය පිළිබඳව අවබෝධය ලබා ගැනීම ජාතික කණ්ඩායම දක්වා පැමිණීමට ක්‍රීඩකයෙකු විසින් පසු කලයුතු පියවර රාශියක් ඇති බව පෙනී යයි. මෙවැනි ක්‍රමවේදයක් පවතින විටදී ද කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණිම පිළිබඳ නැවත ගැටළුවක් පැන නගියි.
ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී උක්ත කොන්දේසි හරියාකාරව පවත්වාගෙන යන්නේනම් දිගින් දිගටම ක්‍රීඩකයින් අසාර්ථක වීම ගැටළු සහගත වී ඇත. ක්‍රිකට් ආයතනයේ උක්ත කොන්දේසි ගුණාත්මක හා දක්ෂ ක්‍රීඩකයින් කණ්ඩායම තුළ රඳවා ගැනීමට ප්‍රමාණවත් වේ. මේ නිසා මෙම කොන්දේසි නිසියාකාරව ක්‍රියාත්මක කිරිම ඉතා වැදගත් වේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රියාපිළිවෙළ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් නිරවද්‍ය තොරතුරු හේතුවෙන් හැකි වී තිබේ. මූලික වශයෙන් මෙම ආයතනික ක්‍රියාවලීන් පිළිබඳ අවබෝධයකින් පසුවීම ක්‍රිඩා ලෝලීන් වශයෙන් ඉතා වැදගත් වේ. මෙසේ අවධානයෙන් පසුවීම තුළ අදාළ ක්‍රියාවලියෙන් පිටත තීරණ ක්‍රියාත්මක වීම් වළදී ප්‍රතිචාර දැක්වීමට ජනතාවට හැකි වේ. මේ සඳහා මෙවැනි තොරතුරු දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත ද ඉතා ඵලදායී ලෙස භාවිත කළ හැකිය.
Attachment 1