logo

පෞද්ගලිකත්වය සහ ප්‍රතිපත්තිය

ChangeMaker (“අප”, “අපි” හෝ “අපේ”) http://rtisrilanka.lk/changemaker වෙබ් අඩවිය (“සේවාව”) ක්‍රියාත්මක කරයි.

ඔබ අපගේ සේවාව භාවිතා කරන විට පුද්ගලික දත්ත එක්රැස් කිරීම, භාවිතා කිරීම සහ අනාවරණය කිරීම පිළිබඳ අපගේ ප්‍රතිපත්ති සහ එම දත්ත සමඟ ඔබ සම්බන්ධ කර ඇති තේරීම් මෙම පිටුව මගින් ඔබට දන්වයි.

සේවාව සැපයීමට සහ වැඩිදියුණු කිරීමට අපි ඔබේ දත්ත භාවිතා කරයි. සේවාව භාවිතා කිරීමෙන්, මෙම ප්‍රතිපත්තියට අනුකූලව තොරතුරු රැස් කිරීමට සහ භාවිතා කිරීමට ඔබ එකඟ වේ. මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ වෙනත් ආකාරයකින් අර්ථ දක්වා නොමැති නම්, මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ භාවිතා වන වචනවලට අපගේ නියමයන් හා කොන්දේසි වලට සමාන අර්ථයන් ඇත. ඒවා වෙත http://rtisrilanka.lk/changemaker මගින් ප්‍රවේශ විය හැකිය.

තොරතුරු රැස් කිරීම සහ භාවිතය

අපගේ උපරිම සේවාව ඔබට සැපයීමට සහ එය වැඩිදියුණු කිරීමේ අරමුණින් අප විවිධ වර්ගයේ තොරතුරු රැස් කරයි.

එකතු කරන ලද දත්ත වර්ග

පෞද්ගලික දත්ත

අපගේ සේවාව භාවිතා කරන අතරතුර, ඔබව සම්බන්ධ කර ගැනීමට හෝ පුද්ගලිකව හඳුනා ගැනීමට භාවිතා කළ හැකි තොරතුරු අපට ලබා දෙන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටියි (“පුද්ගලික දත්ත”). පුද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු ඇතුළත් විය හැකි නමුත්, ඒවාට පමණක් සීමා නොවේ.

  • විද්‍යුත් තැපෑල
  • මුල් නම සහ අවසාන නම
  • දුරකථන අංකය
  • ලිපිනය, ප්‍රාන්තය, පළාත, ZIP / තැපැල් කේතය, නගරය
  • කුකීස් සහ භාවිතා වන දත්ත
භාවිතා වන දත්ත

ඔබ සේවාවට ප්‍රවේශ වන ආකාරය සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳ තොරතුරු අප රැස් කරයි (“භාවිත වන දත්ත”). මෙම දත්ත වලට ඔබේ පරිගණකයේ අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය (උදා: IP ලිපිනය), බ්‍රව්සර් වර්ගය, බ්‍රව්සර් අනුවාදය, ඔබ පිවිසෙන අපගේ සේවාවේ පිටු, පිවිසෙන වේලාව සහ දිනය, එය තුල ගත කළ කාලය වැනි තොරතුරු ඇතුළත් වෙයි.

ලුහුබැඳීම් සහ කුකීස් දත්ත

අපගේ සේවාවේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට සහ නිශ්චිත තොරතුරු රඳවා ගැනීමට අපි කුකීස් සහ ඒ හා සමාන ලුහුබැඳීමේ තාක්ෂණයන් භාවිතා කරමු.

කුකීස් යනු නිර්නාමික අද්විතීය හඳුනාගැනීමක් ඇතුළත් විය හැකි කුඩා දත්ත ප්‍රමාණයක් සහිත ලිපිගොනු ය. වෙබ් අඩවියකින් කුකීස් ඔබගේ බ්‍රව්සරයට යවා ඔබගේ පරිගණකයේ ගබඩා කර ඇත. තොරතුරු රැස් කිරීමට, අපගේ සේවාව වැඩිදියුණු කිරීමට සහ විශ්ලේෂණය කිරීම සඳහා බීකන්ස්, ටැග් සහ ස්ක්‍රිප්ට් අප භාවිතා කරනා ලුහුබැඳීමේ තාක්ෂණයන් වේ.

සියලුම කුකීස් ප්‍රතික්ෂේප කරන ලෙස හෝ කුකීස් යවන විට ඇඟවීමට ඔබේ බ්‍රව්සරයට උපදෙස් දිය හැකිය. කෙසේ වෙතත්, ඔබ කුකීස් සඳහා ඉඩ නොදෙයිනම් නම්, ඔබට අපගේ සේවාවේ යම් කොටස් භාවිතා කිරීමට නොහැකි වනු ඇත.

අප භාවිතා කරන කුකීස් වලට උදාහරණ

  • සැසි කුකීස්. අපගේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අප සැසි කුකීස් භාවිතා කරයි.
  • මනාප කුකීස්. ඔබගේ මනාපයන් සහ විවිධ සැකසුම් මතක තබා ගැනීමට අපි මනාප කුකීස් භාවිතා කරයි.
  • ආරක්ෂක කුකීස්. ආරක්ෂක අරමුණු සඳහා අප ආරක්ෂක කුකීස් භාවිතා කරයි.

දත්ත භාවිතය

ChangeMaker විවිධ අරමුණු සඳහා එකතු කරන ලද දත්ත භාවිතා කරයි:

  • සේවාව සැපයීම හා නඩත්තු කිරීම
  • අපගේ සේවාවේ වෙනස්කම් පිළිබඳව ඔබට දැනුම් දීමට
  • ඔබ එසේ කිරීමට තෝරා ගන්නා විට අපගේ සේවාවේ අන්තර්ක්‍රියාකාරී විශේෂාංග වලට සහභාගී වීමට ඔබට ඉඩ දීම
  • පාරිභෝගික සත්කාර සහ සහාය ලබා දීම
  • අපට සේවාව වැඩිදියුණු කළ හැකි වන පරිදි විශ්ලේෂණයන් හෝ වටිනා තොරතුරු සැපයීම
  • සේවාවේ භාවිතය අධීක්ෂණය කිරීම
  • තාක්ෂණික ගැටළු හඳුනා ගැනීම, වැළැක්වීම සහ විසඳීම

දත්ත මාරු කිරීම

පුද්ගලික දත්ත ඇතුළුව ඔබේ තොරතුරු ඔබේ පළාත, රට හෝ වෙනත් අධිකරණ බල සීමාවකින් පිටත පිහිටි පරිගණක වෙත මාරු කර නඩත්තු කළ හැකිය, එහිදී දත්ත ආරක්ෂණ නීති ඔබේ අධිකරණ බලයට වඩා වෙනස් විය හැකිය.

ඔබ ශ්‍රී ලංකාවෙන් පිටත ජිවත් වූ නමුත් අපට තොරතුරු සැපයීමට කැමතිනම්, අපි පුද්ගලික දත්ත ඇතුළු දත්ත ශ්‍රී ලංකාවට මාරු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.

ඔබ මෙම තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම රහස්‍යතා ප්‍රතිපත්තියට ඔබ දක්වන එකඟතාවය නියෝජනය කරයි.

ඔබගෙන් ලබාගත් දත්ත රහස්‍යතා ප්‍රතිපත්තියට අනුකූලව සුරක්‍ෂිතව තැබීම සඳහා අවශ්‍ය සියලු පියවර ChangeMaker විසින් ගනු ඇති අතර ප්‍රමාණවත් පාලනයක් නොමැති නම් ඔබේ පුද්ගලික දත්ත හුවමාරුවක් කිසිම විටක සිදු නොවේ.

දත්ත අනාවරණය කිරීම

නීතිමය අවශ්‍යතා

ChangeMaker විසින් ඔබේ පුද්ගලික දත්ත හෙළි කරනු ඇත්තේ අවශ්‍ය අවස්ථා වලදී පමණි

  • නීතිමය බැඳීමකට අනුකූල වීමට
  • ChangeMaker හි අයිතිවාසිකම් හෝ දේපළ ආරක්ෂා කිරීමට
  • සේවාව සම්බන්ධයෙන් සිදුවිය හැකි වැරදි වැළැක්වීම හෝ විමර්ශනය කිරීමට
  • සේවාවේ හෝ මහජනයාගේ පුද්ගලික ආරක්ෂාව ආරක්ෂා කිරීමට
  • නීතිමය වගකීම් වලින් ආරක්ෂා වීමට

දත්තවල ආරක්ෂාව

ඔබගේ දත්තවල ආරක්ෂාව අපට වැදගත් වන නමුත් අන්තර්ජාලය හරහා සම්ප්‍රේෂණය වන කිසිදු ක්‍රමයක් හෝ ඉලෙක්ට්‍රොනික ගබඩා කිරීමේ ක්‍රමයක් 100% ආරක්ෂිත නොවේ. ඔබගේ පුද්ගලික දත්ත ආරක්ෂා කිරීම සඳහා වාණිජමය වශයෙන් පිළිගත හැකි මාධ්‍යයන් භාවිතා කිරීමට අපි උත්සාහ කරන අතර, එහි නිරපේක්ෂ ආරක්ෂාව සහතික කළ නොහැක.

සේවා සපයන්නන්

අපගේ සේවාවට පහසුකම් සැලසීමට, සේවා ආශ්‍රිත සේවාවන් ඉටු කිරීමට හෝ අපගේ සේවාව භාවිතා කරන ආකාරය විශ්ලේෂණය කිරීමට අපට සහාය වීමට අපි තෙවන පාර්ශවීය සමාගම් සහ පුද්ගලයින් සේවයේ යොදවනු ඇත.

මෙම තෙවන පාර්ශවයන්ට ඔබගේ පුද්ගලික දත්ත වෙත ප්‍රවේශය ඇත්තේ අප වෙනුවෙන් මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා පමණක් වන අතර එය වෙනත් කිසිදු කටයුත්තක් සඳහා අනාවරණය කිරීමට හෝ භාවිතා කිරීමට ඉඩ නොදීමට අප බැඳී සිටී.

විශ්ලේෂණ

අපගේ සේවාවේ භාවිතය නිරීක්ෂණය කිරීමට සහ විශ්ලේෂණය කිරීමට අපි තෙවන පාර්ශවීය සේවා සපයන්නන් භාවිතා කළ හැකිය.

  • Google විශ්ලේෂණ

    Google විශ්ලේෂණ යනු වෙබ් අඩවි ගමනාගමනය නිරීක්ෂණය කරනා සහ වාර්තා කරනා Google විසින් සපයනු ලබන වෙබ් විශ්ලේෂණ සේවාවකි. එකතු කරන ලද දත්ත අපගේ සේවාව නිරීක්ෂණය කිරීමට ගූගල් විශ්ලේෂණ භාවිතා කරයි. මෙම දත්ත වෙනත් ගූගල් සේවාවන් සමඟ බෙදාගෙන ඇත. Google විසින් තමන්ගේම වෙළඳ ප්‍රචාරණ ජාලයක දැන්වීම් සන්දර්භගත කිරීමට සහ පුද්ගලීකරණය කිරීම සඳහා එකතු කරන ලද දත්ත භාවිතා කළ හැකිය.

    Google විශ්ලේෂණ ඉවත් වීමේ බ්‍රව්සර් ඇඩෝනය ස්ථාපනය කිරීමෙන් ඔබගේ ක්‍රියාකාරකම් ගූගල් විශ්ලේෂණ වෙත ලබා දීමෙන් ඉවත් විය හැකිය. මෙම ඇඩෝනය මඟින්, Google විශ්ලේෂණ JavaScript (ga.js, Analytics.js, සහ dc.js) ක්‍රියාකාරකම් පිළිබඳ ගූගල් විශ්ලේෂණ සමඟ තොරතුරු බෙදාගැනීම වළක්වයි.

    Google හි රහස්‍යතා භාවිතයන් පිළිබඳ වැඩි විස්තර සඳහා Google රහස්‍යතා සහ නියමයන් වෙත පිවිසෙන්න: https://policies.google.com/privacy?hl=en

වෙනත් වෙබ් අඩවි සඳහා ඇති ලින්ක්

අප විසින් ක්‍රියාත්මක නොකරන වෙනත් වෙබ් අඩවි සඳහා ලින්ක් අපගේ සේවාවේ අඩංගු විය හැකිය. ඔබ තෙවන පාර්ශවීය ලින්ක් එකක් තුල ක්ලික් කළහොත්, ඔබව එම තෙවන පාර්ශවයේ වෙබ් අඩවිය වෙත යොමු කරනු ඇත. ඔබ පිවිසෙන සෑම වෙබ් අඩවියකම රහස්‍යතා ප්‍රතිපත්තිය සමාලෝචනය කරන ලෙස අපි තරයේ ඔබට උපදෙස් දෙමු.

ඕනෑම තෙවන පාර්ශවීය වෙබ් අඩවි හෝ සේවාවන්හි අන්තර්ගතය, රහස්‍යතා ප්‍රතිපත්ති හෝ භාවිතයන් පිළිබඳව අපට කිසිදු පාලනයක් නොමැති අතර කිසිදු වගකීමක් භාර නොගනී.

දරුවන්ගේ පෞද්ගලිකත්වය

අපගේ සේවාව වයස අවුරුදු 18 ට අඩු කිසිවෙකු අමතන්නේ නැත. ('දරුවන්')

වයස අවුරුදු 18 ට අඩු කිසිවෙකුගෙන් පෞද්ගලිකව හඳුනාගත හැකි තොරතුරු අප විසින් දැනුවත්ව එකතු නොකරයි. ඔබ දෙමව්පියන් හෝ භාරකරුවෙකු නම් ඔබේ දරුවන් අපට පුද්ගලික දත්ත ලබා දී ඇති බව ඔබ දන්නේ නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න. දෙමව්පියන්ගේ අවසරය නොමැතිව අපි ළමුන්ගේ පුද්ගලික දත්ත එකතු කර ඇති බව අප දැන ගන්නේ නම්, එම තොරතුරු අපගේ සේවාදායකයන්ගෙන් ඉවත් කිරීමට අපි පියවර ගන්නෙමු.

මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ වෙනස්කම්

අපි වරින් වර අපගේ රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කළ හැකිය. නව රහස්‍යතා ප්‍රතිපත්තිය මෙම පිටුවේ පළ කිරීමෙන් සෑම වෙනස්කමක් පිළිබඳව අප ඔබට දන්වයි.

වෙනසක් කිරීමට පෙර විද්‍යුත් තැපෑලකින් හෝ අපගේ සේවාව පිළිබඳ ප්‍රමුඛ දැන්වීමක් මගින් අප ඔබට දන්වයි. මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ ඉහළින් ඇති “බලපැවැත්වෙන දිනය” යාවත්කාලීන කරන්න.

කිසියම් වෙනස්කමක් සඳහා වරින් වර මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට ඔබට උපදෙස් දෙනු ලැබේ. මෙම රහස්‍යතා ප්‍රතිපත්තියේ වෙනස්කම් මෙම පිටුවේ පළ කෙරූ විට ක්‍රියාත්මක වේ.

අප අමතන්න

මෙම රහස්‍යතා ප්‍රතිපත්තිය පිළිබඳව ඔබට කිසියම් ප්‍රශ්නයක් ඇත්නම්, කරුණාකර අප හා සම්බන්ධ වන්න

  • විද්‍යුත් තැපෑල : info@slpi.lk
//