logo

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේඅයිතිවාසිකම පිළිබඳ පනත

තොරතුරුවලට ප්‍රවේශවීමට ඇති අයිතිවාසිකම සම්බන්ධයෙන්විධිවිධාන සැළසීම සඳහා ද, තොරතුරු වෙත ප්‍රවේශ වීමප්‍රතික්ෂේප කළ හැකි හේතු නිශ්චිතව දැක්වීම සඳහා ද, තොරතුරුදැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පිහිටුවීමසඳහා ද, තොරතුරු නිලධරයන් පත් කිරීම සඳහා ද; තොරතුරුලබා ගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය නිශ්චිතව දැක්වීම සහඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැළසීමපිණිස ද වූ පනතකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14අ ව්‍යවස්ථාව මගින් තොරතුරු සඳහාප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කර ඇති බැවින්, සහ තොරතුරු ලබාගැනීමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මගින් පොදු අධිකාරිවලවිනිවිදභාවය සහ වගකීම පිළිබඳ සංස්කෘතියක් පෝෂණය කිරීමේඅවශ්‍යතාවක් පැන නැගී ඇති බැවින් ද, එමගින් ශ්‍රී ලංකාවේමහජනතාවට යහපාලනය සඳහා වැඩි වශයෙන් සහභාගි විය හැකිසහ රටේ පොදු ජන ජීවිතයේ දී සක්‍රීය ලෙස සහභාගි විය හැකිසමාජයක් ප්‍රවර්ධනය වන බැවින් ද;

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවවිසින් මෙසේ පනවනු ලැබේ:-

    1. මේ පනත 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේඅයිතිවාසිකම පිළිබඳ පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.
    2. මේ වගන්තියේ විධිවිධාන, ෂඪ වන කොටසේ, සහ 23, 36,40, 41, 42, 43 සහ 44 වන වගන්තිවල විධිවිධාන, ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පනතසම්බන්ධයෙන් සහතිකය පිටසන් කරනු ලබන දිනයේ සිට බලාත්මකවිය යුතු ය.පූර්විකාව.
    3. මේ පනතේ වෙනත් සිය ̈ වගන්තිවල සඳහන් විධිවිධානපොදු අධිකාරීන් හෝ පොදු අධිකාරීන් හි ප්‍රභේද සම්බන්ධයෙන්ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් අමාත්‍යවරයාවිසින් නියම කරනු ලැබිය හැකි දිනවල දී බලාත්මක වන්නේ ය.
    එසේ වුව ද, එසේ නියම කරනු ලබන දිනය ඉහත (2)උපවගන්තියේ සඳහන් සහතිකය සටහන් කිරීමේ දිනයෙන් පසුවඅවම වශයෙන් මාස හයක් ඇතුළත විය යුතු අතර, එම සහතිකයසටහන් කිරීමේ දින සිට එක් අවුරුද්දකට වඩා වැඩි නොවනකාලයක දී මේ පනතේ විධිවිධාන සිය ̈ පොදු අධිකාරීන් සඳහාඅදාළ වන්නේ ය
  1. මේ පනතේ විධිවිධාන සක්‍රීය ලෙස බලාත්මක වීම සහතිකකිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය විෂය පවරා ඇත්තා වූ අමාත්‍යාංශයේඅමාත්‍යවරයාගේ වගකීම විය යුතු ය.
  2. I වන කොටස
    පනතේ විධිවිධාන අදාළ වීම
    1. මේ පනතේ 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව,පොදු අධිකාරියක සන්තකයේ, භාරයේ හෝ පාලනයේ ඇතිතොරතුරුවලට ප්‍රවේශ වීමේ අයිතිවාසිකම සෑම පුරවැසියකුට මතිබිය යුතු ය
    2. මෙම පනතේ විධිවිධාන පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාදසහ පරිචයන් හීන කරනු නොලබන්නේ ය.
  3. වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට පටහැනිව කුමක්සඳහන්ව ඇත ද, මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු අතර,ඒ අනුව මේ පනතේ විධිවිධාන සහ වෙනත් යම් ලිඛිත නීතියකවිධිවිධාන අතර අනනුකූලතාවයක් හෝ ගැටීමක් ඇති අවස්ථාවක,මේ පනතේ විධිවිධාන බලාත්මක විය යුතු ය.
  4. II වන කොටස
    තොරතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කිරීම
    1. (2) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව –
      1. පුද්ගලික තොරතුරුවලට අදාළ තොරතුරු සම්බන්ධයෙන්වන විට, තොරතුරු හෙළිදරව් කිරීම යම් පොදු කටයුත්තක්හෝ සම්බන්ධතාවක් සඳහා කිසිදු සම්බන්ධයක් නොමැතිඅවස්ථාවක දී හෝ යම් තනි පුද්ගලයකුගේ පුද්ගලිකත්වයඅනවසරයෙන් ආක්‍රමණය කිරීමක් සිදුවේ නම්, එමතොරතුරු හෙළිදරව් කිරීම විශාල වශයෙන් මහජනසුභසිද්ධිය විසින් සාධාරණීකරණය කරයි නම්, හෝ අදාළතැනැත්තා විසින් එම හෙළිදරව් කිරීම සඳහා ලිඛිතවකැමැත්ත ලබා දී ඇත්නම් මිස;
      2. එම තොරතුරු හෙළිදරව් කිරීම -
      3. (i)රාජ්‍ය ආරක්ෂාවට හෝ එහි භෞමික අඛණ්ඩතාවයටහෝ ජාතික ආරක්ෂාවට බරපතල ලෙස අගතිදායකවන අවස්ථාවක;
        (ii)ම තොරතුරු යම් රජයක් හෝ ජාත්‍යන්තර නීතියයටතේ වූ අන්තර්ජාතික ගිවිසුම් හෝ බැඳීම් විසින්රහසිගතව ලබා දුන් හෝ රහසිගතව ලබාගත්අවස්ථාවක, එම තොරතුරු හෙළිදරව් කිරීම එමරජය හෝ ජාත්‍යන්තර නීතිය යටතේ වූඅන්තර්ජාතික ගිවිසුම් හෝ බැඳීම් සමග ශ්‍රී ලංකාවේඇති සබඳතාවලට අගතිගාමී වන හෝ අගතිගාමීවිය හැකි අවස්ථාවක;
      4. එම තොරතුරු හෙළිදරව් කිරීම -
      5. (i)විනිමය අනුප්‍රමාණ හෝ විදේශ හුවමාරු ගනුදෙනුපාලනය කිරීමට;
        (ii)බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීමට;
        (iii)බදු පැනවීමට;
        (iV)භාණ්ඩ සහ සේවාවල මිල ස්ථාවරව පවත්වා ගැනීම,පාලනය සහ ගැලපීමට, කුලී සහ අනෙකුත් පිරිවැයසහ වේතන අනුප්‍රමාණ, වැටුප් සහ අනෙකුත්ආදායම්; හෝ
        (v)විදේශ වෙළඳ ගිවිසුම්වලට ඇතුළත් වීමට, අදාළ ආණ්ඩුවේ ආර්ථික හෝ මුල්‍යමය ප්‍රතිපත්ති වෙනස්කිරීමට හෝ නොකඩවා පවත්වාගෙන යෑම සම්බන්ධතීරණ නිසිකලට පෙර හෙළිදරව් වීම මගින් ශ්‍රී ලංකාවේආර්ථිකයට බරපතල අගතියක් සිදුවිය හැකි අවස්ථාවක;
      6. එම තොරතුරු හෙළිදරව් කිරීම විශාල වශයෙන් මහජනසුභසිද්ධිය සඳහා හේතුවන බවට පොදු අධිකාරිය විසින්සෑහීමට පත්වේ නම් මිස, 2003 අංක 36 දරන බුද්ධිමයදේපළ පනත යටතේ ආරක්ෂා කර ඇති වාණිජ රහස්,වෙළඳ රහස් හෝ බුද්ධිමය දේපළ ඇතුළු තොරතුරුහෙළිදරව් කිරීම යම් තුන්වන පාර්ශවයක තරඟකාරීතත්ත්වයට අහිතකර ලෙස බලපානු ලබන්නේ නම්;
      7. එම තොරතුරු, යම් තැනැත්තකුගේ වෛද්‍ය වාර්තාහෙළිදරව් කිරීමට මඟ පාදන අවස්ථාවක, එම තැනැත්තාවිසින් සිය වෛද්‍ය වාර්තා පිළිබඳ තොරතුරු හෙළිදරව්කිරීම සඳහා ලිඛිතව අනුමතය ලබා දී ඇත්නම් මිස;
      8. ඔවුන්ගේ සේවා සැපයීමේ දී නීතිපතිවරයා හෝනීතිපතිවරයාට සහාය දක්වන යම් නිලධරයකු සහ පොදුඅධිකාරීන් අතර පවතින යම් සන්නිවේදනයක් ඇතුළුව,යම් ලිඛිත නීතියක් යටතේ හෙළිදරව් කිරීම සඳහා අවසරදී නොමැති වූ, වෘත්තිකයන් සහ එම වෘත්තිකයන් විසින්සේවා සපයනු ලබන යම් පොදු අධිකාරියක් අතර පවතිනයම් සන්නිවේදනයක සංයුක්ත වන්නා වූ තොරතුරක් වනඅවස්ථාවක දී;
      9. භාරකාර සම්බන්ධතාවයක් පැවතීම හේතුවෙන් එමතොරතුරු රහසිගතව තබා ගැනීම අවශ්‍ය වනඅවස්ථාවක දී;
      10. එම තොරතුරු හෙළිදරව් කිරීම මගින් -
      11. යම් අපරාධයක් වැළැක්වීම හෝ ඒ පිළිබඳවසොයාගැනීම හෝ වරදකරුවන් අල්ලා ගැනීම හෝඔවුනට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්බලවත් අගතියක් සිදුවන අවස්ථාවක; හෝ
        නීතිය බලාත්මක කිරීම හෝ ජාතික ආරක්ෂාවටඅදාළ තොරතුරු පිළිබඳ රහසිගත මූලාශ්‍රයකඅනන්‍යතාවය හෙළිවන අවස්ථාවක දී;
      12. 29 (2) (ඇ) වගන්තියේ විධිවිධානවලට යටත්ව, එමතොරතුරු තෙවන පාර්ශවයක් විසින් අදාළ පොදු අධිකාරියවෙත රහසිගතව සපයා ඇති අවස්ථාවක දී, එම තොරතුරුහෙළිදරව් කිරීම සඳහා එම පාර්ශවය විසින් අනුමතයලබා දී නොමැති අවස්ථාවක;
      13. එම තොරතුරු හෙළිදරව් කිරීම අධිකරණයට අපහාසකිරීමක් හෝ අධිකරණයේ අධිකාරි බලය හා අපක්ෂපාතීබවපවත්වාගෙන යාමට අගතියක් සිදු වන අවස්ථාවක දී;
      14. එම තොරතුරු හෙළිදරව් කිරීම පාර්ලිමේන්තු වරප්‍රසාදහෝ නීතිය මගින් විධිවිධාන සලස්වා ඇති ආකාරයටපළාත් සභා වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් වනඅවස්ථාවක දී;
      15. disclosure of the information would harm the integrity of an examination being conducted by the Department of Examination or a Higher Educational Institution;
      16. එම තොරතුරු තීරණයක් ගෙන නොමැති අමාත්‍ය මණ්ඩලසංදේශයක් සම්බන්ධයෙන් වන අවස්ථාවක දී ; හෝ
      17. එම තොරතුරු අදාළ මැතිවරණ නීති මගින් රහසිගතවතැබීමට නියමිත වන්නා වූ මැතිවරණ කොමසාරිස්වරයාවිසින් පවත්වනු ලබන මැතිවරණයකට සම්බන්ධතොරතුරු වන අවස්ථාවක දී,

      මේ පනත යටතේ ඒ තොරතුරුවලට ප්‍රවේශ වීම ප්‍රතික්ෂේප කළහැකි ය.

    2. (1) වන උපවගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද,ඉල්ලා සිටිනු ලබන තොරතුරු අවුරුදු දහයකට වඩා පැරණි නම්,එම උපවගන්තියේ (අ), (ආ), (ඈ), (ඉ), (ඊ), (උ), (ඌ) සහ (ඒ)ඡේදවල දක්වා ඇති හේතු මත හැර එහි දක්වා ඇති කිසිදු හේතුවක්මත, තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළයුතු ය
    3. මේ වගන්තියේ (1) (ඇ) (v) උපවගන්තියේ සඳහන් විදේශගිවිසුම් අවුරුදු දහයක් ඉකුත් වීමෙන් පසුව වුව ද අවසන් වී නොමැතිඅවස්ථාවක, ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු හෙළි නොකළ යුතු ය
    4. (1) වන උපවගන්තියේ කුමක් සඳහන් වුව ද, මහජනසුභසිද්ධිය එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩාවැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප නොකළයුතු ය.
    5. (1) වන උපවගන්තිය යටතේ හෙළිදරව් කිරීමෙන් මුක්ත කරඇති යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම ප්‍රදානය කිරීමට අදාළ යම්ගැට ̈වක් පිළිබඳව තොරතුරු නිලධරයකු විසින්, කොමිෂන්සභාවෙන් උපදෙස් ලබාගත හැකි අතර, කොමිෂන් සභාව විසින්හැකි ඉක්මනින් සහ එවැනි සෑම අවස්ථාවක දී ම දින දාහතරක්ඇතුළත ස්වකීය උපදෙස් ලබා දිය යුතු ය.
  5. 5 වන වගන්තියේ දක්වා ඇති කවර හෝ හේතු මත තොරතුරුලබා ගැනීම සඳහා වන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවක,එම වගන්තිය යටතේ හෙළිදරව් කිරීමෙන් මුක්ත කොට නැති යම්තොරතුරු ඇතුළත් වූ ද, හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබඇති තොරතුරු ඇතුළත් වන යම් කොටසකින් සාධාරණ ලෙසවෙන් කළහැකි වූ ද, යම් වාර්තාවක හෝ ලේඛනයක කොටසකටප්‍රවේශය ලබා දිය හැකි ය.
  6. III වන කොටස
    අමාත්‍යවරුන්ගේ සහ පොදු අධිකාරිවල යුතුකම්
    1. It shall be the duty of every public authority to maintain all its records duly catalogued and indexed in such form as is consistent with its operational requirements which would facilitate the right of access to information as provided for in this Act.
    2. සෑම පොදු අධිකාරියක් විසින්ම (1) වන උපවගන්තිය යටතේසිය වගකීම් ක්‍රියාත්මක කිරීමේ දී, 14 (ඌ) වගන්තිය යටතේ කොමිෂන්සභාව විසින් දෙන ලද නියමයන්ට අනුකූලව ඉටු කළ යුතු ය.
    3. සෑම පොදු අධිකාරියක් විසින් ම පවත්වාගෙන යනු ලබනසිය ̈ වාර්තා -
      1. මේ පනත ක්‍රියාත්මකවීමේ දිනයේ දී එවකටත් පවතිනවාර්තා සම්බන්ධයෙන් වන විට, මේ පනත ක්‍රියාත්මකවීමේ දින සිට අවුරුදු දහයකට නොඅඩු කාලසීමාවක්සඳහා; සහ
      2. මේ පනත ක්‍රියාත්මකවීමෙන් පසුව සකසනු ලබන අ ̈ත්වාර්තා සම්බන්ධයෙන් වන විට, එම වාර්තාව සකස් කළදින සිට අවුරුදු දොළහකට නොඅඩු කාලසීමාවක් සඳහා,
    4. මේ පනත යටතේ ඉදිරිපත් කරන ලද යම් ඉල්ලීමක විෂයවස්තුව වන්නා වූ කිසිදු වාර්තාවක් හෝ තොරතුරක්, එම ඉල්ලීමහෝ එම ඉල්ලීමට අදාළ යම් අභියාචනයක් විභාග වන අතරතුර දීහෝ අධිකරණ කටයුත්තක් පවතින කාලය තුළ දී විනාශ නොකළයුතු ය
    5. 2 වන උපවගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද, එයනොසලකමින්, සෑම පොදු අධිකාරියක් විසින් ම සම්පත්වලපැවතීමට යටත්ව, සාධාරණ කාලයක් ඇතුළත ස්වකීය සිය ̈වාර්තා විද්‍යුත් ලේඛනාකෘතියෙන් ආරක්ෂා කර තැබීම සඳහා උත්සුකවිය යුතු ය
    1. අර්ධ වාර්ෂිකව පිළිවෙළින් එක් එක් වර්ෂයේ ජුනි මසතිස් වන දිනට සහ දෙසැම්බර් මස තිස් එක් වන දිනට ප්‍රථම,කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන ආකෘතියකට යම්පුරවැසියකුට මේ පනතේ 3 වන වගන්තිය යටතේ ප්‍රදානය කොටඇති තොරතුරුවලට ප්‍රවේශ වීමට ඇති අයිතිවාසිකම ක්‍රියාත්මකකිරීමට හැකි වනු පිණිස වාර්තාවක් පළකිරීම එම අමාත්‍යවරයාගේකාර්යය වන්නේ ය.
    2. (1) වන උපවගන්තිය යටතේ සඳහන් වාර්තාවේ පහත විස්තරඅඩංගු විය යුතු ය:-
      1. එම අමාත්‍යවරයාට පවරා ඇති අමාත්‍යාංශයේ සංවිධානය,කර්තව්‍ය, ක්‍රියාකාරකම් සහ කාර්යට සම්බන්ධ විස්තරසහ එසේ පවරා ඇති කර්තව්‍ය තුළට වැටෙන සිය ̈පොදු අධිකාරිවල විස්තර;වාර්තාවක් පළකිරීමසම්බන්ධයෙන්අමාත්‍යවරයාගේකාර්යභාරය.
      2. (අ) ඡේදයේ දක්වා ඇති අමාත්‍යංශය සහ පොදුඅධිකාරීන්වල -
        1. නිලධරයන් සහ සේවානියුක්තිකයන්ගේ බලතල,කාර්ය සහ කර්තව්‍ය සහ ඔවුන් විසින් සිය තීරණගැනීමේ දී අනුගමනය කරනු ලබන අදාළක්‍රියාපටිපාටි;
        2. කර්තව්‍ය ඉටුකිරීමේ දී, කාර්ය කිරීමේ දී සහ බලතලක්‍රියාත්මක කිරීමේ දී එහි නියමිත සම්මතයන්;
        3. නිලධරයන් සහ සේවානියුක්තිකයන් සිය කාර්යකිරීමේ දී, කර්තව්‍ය ඉටුකිරීමේ දී සහ බලතලක්‍රියාත්මක කිරීමේ දී භාවිත කරනු ලබන රීති,නියෝග, උපදේශ, අත්පොත් සහ වෙනත් යම්ප්‍රභේදවල වාර්තා;
        4. තොරතුරු ලබා ගැනීම සඳහා පුරවැසියන්ට ලබාගත හැකි පහසුකම් පිළිබඳ විස්තර;
        5. මුදල් ප්‍රතිපූරණය කිරීමේ දී සිය ̈ සැළසුම්, යෝජිතවියදම් හා වාර්තා පෙන්නුම් කරමින් එක් එක්නියෝජිත ආයතන වෙත වෙන් කරන ලද අයවැය;
        6. පත්කොට ඇති තොරතුරු නිලධරයා හෝනිලධරයන්ගේ නම, තනතුර සහ අනෙකුත් විස්තර.
    3. (1) වන උපවගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද,මේ පනත ක්‍රියාත්මකවීමේ දින සිට මාස හයක් ඇතුළත සෑමඅමාත්‍යවරයකු විසින් ම නිශ්චය කරනු ලැබිය හැකි ආකෘතියකින් (2)වන උපවගන්තියේ (අ) සහ (ආ) ඡේදවල දක්වා ඇති තොරතුරු අඩංගුවාර්තාවක් පළ කිරීම, එම අමාත්‍යවරයාගේ කාර්යය වන්නේ ය.
    4. (1) වන, (2) වන සහ (3) වන උපවගන්තිවල දක්වා ඇතිවාර්තා -
      1. රාජ්‍ය භාෂාවලින් පළ කරනු ලැබිය යුතු අතර, විද්‍යුත්ලේඛනාකෘතියකින් ලබා ගැනීමට කටයුතු සැලැස්වියයුතු ය; සහ
      2. මහජන පරීක්ෂාව සඳහා ලබා ගැනීමට සැලැස්විය යුතුඅතර, ඒවායේ පිටපත් කොමිෂන් සභාව විසින් නිශ්චයකරනු ලබන යම් ගාස්තුවක් ගෙවීම මත යම් තැනැත්තකුවෙත නිකුත් කරනු ලැබිය හැකි ය
      සැක දුරු කිරීමේ කාර්ය සඳහා අමාත්‍යවරයා යන යෙදුම සඳහාආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVIඅ පරිච්ඡේදය යටතේ පිහිටුවා ඇතිපළාත් සභාවක අමාත්‍යවරයකු ද ඇතුළත් වන බවට මෙයින් ප්‍රකාශයටපත් කරනු ලැබේ.
      1. (අ) යම් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට මාස තුනකට පෙරාතුව,එම ව්‍යාපෘතියට අදාළ විෂයය පවරා ඇත්තේ යම් අමාත්‍යවරයෙකුවෙත ද, එකී සන්නිවේදනය කරන දිනය වන විට තමා සතු එමව්‍යාපෘතියට අදාළ සිය ̈ තොරතුරු පොදුවේ මහජනයාට සහ එමව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වීමට ඉඩ ඇති නිශ්චිත තැනැත්තන්ටසන්නිවේදනය කිරීම, එම අමාත්‍යාවරයාගේ කාර්යය වන්නේ ය:එසේ වුව ද, හදිසි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන විට, ව්‍යාපෘතියආරම්භ කිරීමට සතියකට පෙරාතුව තොරතුරු ලබාදිය යුතු අතර, එමහදිසි තත්වය සඳහා වූ හේතු, කොමිෂන් සභාව වෙත සන්නිවේදනයකරනු ලැබිය යුතු ය.
      2. කොමිෂන් සභාව විසින් (අ) ඡේදයේ සඳහන් සන්නිවේදනයසිදු කළ යුතු ආකාරය නිශ්චිතව දක්වමින් මාර්ගෝපදේශ නිකුත්කරනු ලැබිය යුතු ය.
      1. (අ) අමාත්‍යවරයකු විසින්, එම ව්‍යාපෘතිය සංවර්ධනය සහක්‍රියාත්මක කරන කාලසීමාව පුරා (1) වන උපවගන්තියේ දක්වාඇති ව්‍යාපෘතියක් සම්බන්ධ යාවත්කාලීන තොරතුරු පුරවැසියකුවිසින් තත් කාර්යය සඳහා ලිඛිතව කරනු ලබන ඉල්ලීමක් මත එමපුරවැසියාට ලැබීමට සැලැස්විය යුතු ය.
      2. එම තොරතුරු, කොමිෂන් සභාව විසින් තොරතුරු ලබාදීමේකාර්යය සඳහා නියම කරනු ලැබිය යුතු යම් ගාස්තුවක් මත ලබාදිය යුතු ය.
    1. මේ වගන්තියේ කාර්යය සඳහා “ව්‍යාපෘතිය ̃ යන්නෙන් -
      1. විදේශ ආධාර ලබන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වනවිට, එක්සත් ජනපද ඩොලර් ලක්ෂයක් ඉක්මවන; සහව්‍යාපෘතියකටමුලපිරීමසම්බන්ධයෙන්මහජනයාට දැනුම්දීමටඅමාත්‍යවරුන්ටඇති කාර්යභාරය.
      2. දේශීය වශයෙන් ආධාර ලබන ව්‍යාපෘති සම්බන්ධයෙන්වන විට, රුපියල් ලක්ෂ පහක් ඉක්මවන,යම් ව්‍යාපෘතියක් අදහස් වේ
    2. සැක දුරු කිරීමේ කාර්ය සඳහා අමාත්‍යවරයා යන යෙදුම සඳහාආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVIඅ පරිච්ඡේදය යටතේ පිහිටුවා ඇතිපළාත් සභාවක අමාත්‍යවරයකු ද ඇතුළත් වන බවට මෙයින් ප්‍රකාශයටපත් කරනු ලැබේ.
  7. සෑම පොදු අධිකාරියක් විසින්ම පහත දැක්වෙන තොරතුරුසපයමින් එහි කාර්යාලයේ දී සහ ස්වකීය නිල වෙබ් අඩවියෙහිමහජනතාවගේ ප්‍රයෝජනය සඳහා තැබිය යුතු වාර්ෂික වාර්තා, එකීවාර්තා අදාළ වන වර්ෂයට ඉක්බිතිවම එළඹෙන වර්ෂයේ දෙසැම්බර්මස තිස් එක් වන දිනයට පෙරාතුව කොමිෂන් සභාව වෙත ඉදිරිපත්කරනු ලැබිය යුතු ය:-
    1. the total number of requests received during the year and information provided and rejected;
    2. වර්ෂය තුළදී එකතු කරනු ලැබූ ගාස්තු මුදල;
    3. 5 වන වගන්තිය යටතේ ප්‍රතික්ෂේප කරන ලද ඉල්ලීම්ගණන;
    4. කොමිෂන් සභාවේ විධානය පරිදි තොරතුරු සපයන ලදවාර ගණන;
    5. විනිවිදභාවය පිළිබඳ පවත්නා ක්‍රමයේ ක්‍රියාකාරීත්වයප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය යම් යෝජනා;
    6. තොරතුරු සන්නිවේදනය කිරීම, ප්‍රතික්ෂේප කිරීම මගින්පැන නගින අභියාචන සංඛ්‍යාව;
    7. වාර්තා පවත්වාගෙන යෑම, කළමනාකරණය සහ විනාශකිරීමට අදාළ පරිචයන්; සහ
    8. 8 වන වගන්තිය යටතේ ස්වකීය කර්තව්‍යයන්.වාර්තා ආදියඉදිරිපත් කිරීමටපොදු අධිකාරී සතුකාර්යභාරය.
  8. IV වන කොටස
    තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳකොමිෂන් සභාව පිහිටුවීම
    1. මේ පනතේ කාර්යය සඳහා, තොරතුරු දැනගැනීමේඅයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව යනුවෙන් හඳුන්වනු ලබන(මේ පනතේ “කොමිෂන් සභාව ̃ යනුවෙන් සඳහන් කරනු ලබන)මණ්ඩලයක් පිහිටුවනු ලැබිය යුතු ය.
    2. කොමිෂන් සභාව, (1) වන උපවගන්තිය මඟින් එයට දෙනලද නාමයෙන් අවිච්ඡින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇතිසංස්ථාපිත මණ්ඩලයක් වන අතර, ඒ නාමයෙන් එය විසින් ද, ඊටවිරුද්ධව ද නඩු පවරනු ලැබිය හැකි විය යුතු ය.
    1. කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශමත ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන තැනැත්තන්පස්දෙනකුගෙන් සමන්විත විය යුතු ය. එම නිර්දේශ ඉදිරිපත් කිරීමේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පහත සඳහන් එක් එක්සංවිධාන හෝ සංවිධාන ප්‍රභේද විසින් නම් කරනු ලබන එක්තැනැත්තකු නිර්දේශ කරනු ලැබිය යුතු ය:-
      1. නීතිඥවරයන් සහ නීති ක්ෂේත්‍රයේ විද්වත් ප්‍රජාව විමසානීතිඥ වෘත්තියේ ප්‍රවීණත්වයක් ඇති නීතිඥවරයෙක් හෝනීති විශාරදයෙක් නම් කළ යුතු ශ්‍රී ලංකා නීතිඥ සංගමය;
      2. ප්‍රකාශකවරුන්ගේ, කර්තෘවරුන්ගේ සහ මාධ්‍යවේදීන්ගේසංවිධාන; සහ
      3. වෙනත් සිවිල් සමාජ සංවිධාන.
      1. (1) වන උපවගන්තිය යටතේ නිර්දේශ ඉදිරිපත් කිරීමේ දී,නිර්දේශ කරනු ලබන තැනැත්තන් –
        1. නීතිය, පාලනය, රාජ්‍ය පරිපාලනය, සමාජ සේවා,පුවපත්පත් කලාවේදී, විද්‍යා හා තාක්ෂණ හෝකළමනාකරණ යන ක්ෂේත්‍රවල සාධනය කළදැනීමක්, අත්දැකීම් හා ප්‍රවීනත්වය සහිත පොදුසමාජ ජීවිතයේදී සුවිශේෂී තැනැත්තන් බවට;
        2. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හෝ, යම් පළාත් සභාවකමන්ත්‍රීවරයකු හෝ පළාත් පාලන ආයතනයකසභිකයකු නොවන බවට;
        3. යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක් හෝ වෙනත්ලාභදායී ධුරයක් දරන තැනැත්තන් නොවන බවට;
        4. යම් දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවනබවට;
        5. යම් ව්‍යාපාරයක් කරගෙන යනු නොලබන හෝයම් වෘත්තියක නොයෙදෙන බවට,
      2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණය සඳහා තැනැත්තන්නම් කිරීමේ දී, එහි නිශ්චිතව දක්වා ඇති නිර්ණායක සපුරාලනුලබන බවට (1) වන උපවගන්තියේ සඳහන් සංවිධාන විසින් සහතිකවිය යුතු ය.
      නාමිකයන් එහි සඳහන් නිර්ණායක සපුරාලනු නොලබනබවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අදහස වන අවස්ථාවක දී,අලුත් නාම යෝජනා කැඳවනු ලැබිය යුතු ය.
    2. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්, මේ පනත ක්‍රියාත්මකවීමේදින සිට එක් මාසයක් ඇතුළත හෝ කොමිෂන් සභාවේ පුරප්පාඩුවඇතිවීමේ දින සිට එක් මාසයක් ඇතුළත (1) වන උපවගන්තියයටතේ ස්වකීය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. එමකාලසීමාව ඇතුළත අදාළ යම් හෝ සියලුම සංවිධාන විසින් නාමයෝජනා ඉදිරිපත් කිරීමට අපොහොසත්වන අවස්ථාවක දී, එකීකාලසීමාව අවසන් වීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවවිසින් ස්වකීය නිර්දේශ ඉදිරිපත් කරනු ලැබිය යුතු ය. නාම යෝජනාප්‍රතික්ෂේප වී ඇති අවස්ථාවක දී, එම ප්‍රතික්ෂේප වීමේ දින සිටසති දෙකක් ඇතුළත පිළිගත හැකි නාම යෝජනා නැවත ඉදිරිපත්කර නොමැති අවස්ථාවක දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්ස්වකීය නාම යෝජනා ඉදිරිපත් කරනු ලැබිය යුතු ය
    3. කොමිෂන් සභාවේ යම් සාමාජිකයකු එම ධුරය දරනු ලබනඅතරතුර දී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් හෝ යම් පළාත්සභාවක මන්ත්‍රීවරයකු හෝ පළාත්පාලන ආයතනයක සභිකයකුවශයෙන් පත් වුවහොත් හෝ යම් රාජ්‍ය හෝ අධිකරණ ධුරයක්සඳහා හෝ යම් දේශපාලන පක්ෂයක නිලධරයකු වශයෙන් තෝරාපත් කරනු ලැබුවහොත්, එවැනි සාමාජිකයකු එම පත්කිරීමෙහි සිටකොමිෂන් සභාවේ සාමාජිකයකු වීම අවසන් වන්නේ ය.
    4. ජනාධිපතිවරයා විසින්, කොමිෂන් සභාව වෙත පත් කරනුලබන සාමාජිකයන් අතරින් එක් අයකු එහි සභාපතිවරයා ලෙසනම් කරනු ලැබිය යුතු ය.
    5. කොමිෂන් සභාවේ සාමාජිකයන් අවුරුදු පහක කාලසීමාවක්සඳහා ධුර දරනු ලැබිය යුතු ය.
    6. කොමිෂන් සභාවේ සාමාජිකයකු විසින් මේ පනතේ විධිවිධානයටතේ හෙළිදරව් කළ නොහැකි තොරතුරු, හෙළිදරව් නොකළයුතු ය.
    7. මේ පනතේ උපලේඛනයේ සඳහන් විධිවිධාන කොමිෂන්සභාවේ සාමාජිකයන් සහ එහි රැස්වීම් පැවැත්වීම සම්බන්ධයෙන්අදාළ විය යුතු ය.
    1. කොමිෂන් සභාව විසින්-
      1. කොමිෂන් සභාවේ ප්‍රධාන විධායක නිලධරයා විය යුතුඅධ්‍යක්ෂ ජනරාල්වරයකු;
      2. අවශ්‍ය බවට තීරණය කරනු ලබන යම් නිලධරයන් හාසේවා නියුක්තිකයන් සංඛ්‍යාවක්, පත් කරනු ලැබිය යුතු ය.
    2. අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාවේ පොදු අධීක්ෂණය,විධානය හා කළමනාකරණය සම්බන්ධයෙන් හා කොමිෂන් සභාවේනිලධරයන්ගේ සහ සේවා නියුක්තිකයන්ගේ විනය පාලනය ක්‍රියාත්මකකිරීම සම්බන්ධයෙන් වගකියනු ලැබිය යුතු ය
    3. (1) වන උපවගන්තිය යටතේ පත්කරනු ලබන අධ්‍යක්ෂජනරාල්වරයා හා වෙනත් නිලධරයන් සහ සේවා නියුක්තිකයන්,කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලබන යම් නියම හා සේවාකොන්දේසිවලට යටත් විය යුතු අතර, එම අධ්‍යක්ෂ ජනරාල්වරයාසහ වෙනත් නිලධරයන් හා සේවා නියුක්තිකයන් සඳහා මුදල් විෂයයපවරා ඇත්තා වූ අමාත්‍යවරයාගෙන් විමසා කොමිෂන් සභාව විසින්නිශ්චය කරනු ලබන පාරිශ්‍රමික ගෙවනු ලැබිය යුතු ය.
  9. කොමිෂන් සභාවේ කාර්ය සහ කර්තව්‍ය පහත සඳහන්පරිදි විය යුතු ය:-
    1. මෙම පනත යටතේ පොදු අධිකාරීන් වෙත පවරා ඇතිකාර්ය නිසි පරිදි ඉටු කරන්නේ ද යන්න අධීක්ෂණයකිරීම සහ ඒවාට අනුකූලව කටයුතු කරන්නේ ද යන්නසහතික වීම;
    2. ප්‍රතිසංස්කරණය සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය පොදුනිර්දේශ ස්වභාවයකින් යුක්ත වූ සහ විශේෂයෙන් ම යම්පොදු අධිකාරියක් වෙත යොමු කරන ලද යන දෙවර්ගයේම නිර්දේශ සෑදීම;
    3. මේ පනත යටතේ යම් තොරතුරක් නිදහස් කරනු ලැබීමපිණිස පොදු අධිකාරි විසින් අය කරනු ලබන ගාස්තුනිශ්චය කිරීම සඳහා සාධාරණත්වය පදනම් කොට ගෙනමාර්ගෝපදේශ නිකුත් කිරීම;
    4. තොරතුරු නිලධරයකු විසින්, ගාස්තුවක් අය කිරීමෙන්තොරව, තොරතුරු ලබාදිය හැක්කේ කවර අවස්ථාවල දීද යන්න නියම කිරීම;
    5. තොරතුරු සැපයීම සම්බන්ධයෙන් ප්‍රගාමී හෙළිදරව් කිරීමේප්‍රතිපත්තිය මත පදනම් ව, ගාස්තු උපලේඛනය නියමකිරීම;
    6. මෙම පනතේ විධිවිධාන ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමසම්බන්ධයෙන් රාජ්‍ය නිලධරයන් සමඟ සාමූහිකව කටයුතුකිරීම හෝ එම නිලධරයන් සඳහා පුහුණු කටයුතු භාරගැනීම;
    7. මේ පනතේ අවශ්‍යතා සහ ඒ යටතේ පුද්ගලයන්ගේඅයිතිවාසිකම් ප්‍රසිද්ධියට පත් කිරීම; සහ
    8. පොදු අධිකාරීන් සඳහා වාර්තා නිසි පරිදි පවත්වා ගැනීමේමාර්ගෝපදේශ නිකුත් කිරීම.
  10. මේ පනත යටතේ කොමිෂන් සභාවේ කාර්ය කිරීම සහකර්තව්‍ය ඉටු කිරීමේ කාර්යය සඳහා කොමිෂන් සභාව වෙත පහතදැක්වෙන බලතල ඇත්තේ ය:-
    1. පරීක්ෂණ පැවැත්වීම හා එම පරීක්ෂණ සඳහා පෙනීසිටිනලෙස යම් තැනැත්තකු වෙත නියම කිරීම;
    2. දිව්රුම්දීම හෝ ප්‍රතිඥාදීම යටතේ එම තැනැත්තා විභාගකිරීම හා අවශ්‍ය අවස්ථාවල දී එම තැනැත්තාගේසන්තකයේ පවතින යම් තොරතුරු සපයන ලෙස එමතැනැත්තා වෙත නියම කිරීම, එසේ වුව ද 5 වන වගන්තියයටතේ හෙළිදරව් කිරීමෙන් මුක්ත කර ඇති තොරතුරුරහසිගතව පරික්ෂා කළ යුතු ය;
    3. මේ පනතේ විධිවිධාන යටතේ වූ යම් පොදු අධිකාරියක්විසින් ප්‍රතික්ෂේප කරනු ලබන තොරතුරු ඇතුළුව පොදුඅධිකාරියක් විසින් දරනු ලබන තොරතුරු පරීක්ෂා කිරීම;
    4. යම් නිශ්චිත ආකෘතියකින් තොරතුරු සපයන ලෙස පොදුඅධිකාරියක් වෙත විධාන කිරීම;
    5. 5 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, මහජනතාවගෙන්යම් පොදු අධිකාරියක් විසින් රඳවාගෙන සිටිනු ලබනතොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස එම පොදු අධිකාරිය වෙතවිධාන කිරීම;
    6. 32 වන වගන්තිය යටතේ අතෘප්තියට පත් යම් තැනැත්තකුවිසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබනඅභියාචනා විභාග කිරීම සහ තීරණය කිරීම; සහ
    7. ඉල්ලා සිටිනු ලැබූ තොරතුරු නියමිත වේලාවට නොලැබීමහේතුවෙන් පුරවැසියෙකුගෙන් අය කරනු ලැබූ ගාස්තුප්‍රතිපූර්ණය කරන ලෙස පොදු අධිකාරියක් හෝ අදාළතොරතුරු සැපයීමේ නිලධරයකු වෙත විධාන කිරීම.
    1. කොමිෂන් සභාවට එහිම අරමුදලක් තිබිය යුතු අතරඑම අරමුදලට පහත දැක්වෙන මුදල් බැර කරනු ලැබිය යුතු ය:-
      1. කොමිෂන් සභාවේ ප්‍රයෝජනය සඳහා පාර්ලිමේන්තුවවිසින් කලින් කල සම්මත කරනු ලැබිය හැකි සිය ̈ මුදල්;
      2. ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර ́නෑම මූලාශ්‍රයකින්ලැබෙන පරිත්‍යාග, ත්‍යාග හෝ ප්‍රදාන.
    2. (1) වන උපවගන්තියේ (ආ) ඡේදය යටතේ පරිත්‍යාග, ත්‍යාගහෝ ප්‍රදාන වශයෙන් යම් මුදල් ලැබෙන අවස්ථාවක දී, එම පරිත්‍යාග,ත්‍යාග හෝ ප්‍රදානවල මූලාශ්‍ර සහ ඒවා ප්‍රදානය කරනු ලබන අරමුණප්‍රසිද්ධ කරනු ලැබිය යුතු ය.
    3. කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මකකිරීමේ දී, කිරීමේ දී සහ ඉටු කිරීමේ දී කොමිෂන් සභාව විසින්දරනු ලබන වියදම් පියවා ගැනීමට අවශ්‍ය වන සිය ̈ මුදල් අරමුදලින්ගෙවනු ලැබිය යුතු ය.
    1. කොමිෂන් සභාවේ මුදල් වර්ෂය ලිත් වර්ෂය වියයුතු ය.
    2. කොමිෂන් සභාව විසින්, සිය ආදායම් සහ වියදම් සහකොමිෂන් සභාවේ අනෙකුත් සිය ̈ ගනුදෙනු සම්බන්ධයෙන් නිසිගිණුම් පොත් පවත්වාගෙන යා යුතු ය.
    3. රාජ්‍ය සංස්ථාවල ගිණුම් විගණනය සඳහා අදාළ වනආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන ව්‍යවස්ථාවේ විධිවිධාන, කොමිෂන්සභාවේ ගිණුම් විගණනය කිරීම සම්බන්ධයෙන් අදාළ වන්නේ ය
  11. 1971 අංක 38 දරන මුදල් පනතේ ̧ ̧ වන කොටසේ විධිවිධාන,අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, කොමිෂන් සභාවේ මුල්‍ය පාලනයසහ ගිණුම් සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.
  12. (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහයේ අර්ථානුකූලවසහ එහි කාර්ය සඳහා, කොමිෂන් සභාවේ සාමාජිකයන් සහනිලධරයන් සහ අනෙකුත් සිය ̈ සේවා නියුක්තිකයන් රජයේසේවකයන් ලෙස සලකනු ලැබිය යුතු අතර, මේ පනත යටතේකොමිෂන් සභාව විසින් පවත්වනු ලබන සෑම පරීක්ෂණයක් ම,1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ අර්ථානුකූලවඅධිකරණ ක්‍රියාපටිපාටියක් සේ සලකනු ලැබිය යුතු ය
  13. කොමිෂන් සභාව, (26 වන අධිකාරය වූ) අල්ලස් පනතේඅර්ථානුකූලව උපලේඛනගත ආයතනයක් විය යුතු අතර, ඒ පනතේවිධිවිධාන ඒ අනුව තේරුම්ගත යුතු ය.
  14. මේ පනතේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ කාර්යය සඳහාකොමිෂන් සභාවේ යම් සාමාජිකයකු, නිලධරයකු හෝ සේවානියුක්තිකයකු විසින් සද්භාවයෙන් කරන ලද හෝ කරන ලදැයිඋද්දේශිත යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සම්බන්ධයෙන් යම්අධිකරණයක් ඉදිරියේ ඔහු විසින් හෝ ඔහුට විරුද්ධව පවරන ලදයම් සිවිල් හෝ අපරාධ නඩුවක දී, එම ක්‍රියාව හෝ නොකර හැරීමසද්භාවයෙන් කරන ලද්දක් බවට අධිකරණය තීරණය කරන්නේනම්, ඒ නඩුවේ දී ඔහු විසින් දරන ලද යම් වියදමක් එම සිවිල් හෝඅපරාධ නඩුවේ දී ඔහු විසින් අය කරගනු ලැබුවේ නම් මිස, කොමිෂන්සභාවේ අරමුදලින් ඔහුට ගෙවනු ලැබිය යුතු ය.
  15. කොමිෂන් සභාව විසින්, එය පිහිටුවීමෙන් මාස හයක්ඇතුළත, 32 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව වෙත අභියාචනාඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අනුගමනය කරනු ලැබිය යුතු කාර්යපටිපාටිය සකස්කර, ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබා දිය යුතු ය.
  16. V වන කොටස
    තොරතුරු නිලධරයන් පත් කිරීම සහ තොරතුරුවලටප්‍රවේශය ලබාගැනීම සඳහා වන ක්‍රියාපටිපාටිය
      1. මේ පනතේ විධිවිධාන බලාත්මක කිරීමේ කාර්යයසඳහා, සෑම පොදු අධිකාරියක් විසින් ම, මේ පනත ක්‍රියාත්මකවීමෙන් මාස තුනක් ඇතුළත, එම පොදු අධිකාරියේ තොරතුරුනිලධරයන් වශයෙන් නිලධරයන් එක් අයෙකු හෝ ඊට වැඩි ගණනක්සහ අභියාචනා විභාග කිරීම සඳහා නම් කළ නිලධරයකු පත් කරනුලැබිය යුතු ය.
      2. ඡේදය යටතේ තොරතුරු නිලධරයකු පත් කරනු ලබනතෙක්, පොදු අධිකාරියක ප්‍රධානියා හෝ ප්‍රධාන විධායක නිලධරයා,මේ පනතේ කාර්ය සඳහා එම පොදු අධිකාරියේ තොරතුරු නිලධරයාලෙස සලකනු ලැබිය යුතු ය.
    1. සෑම තොරතුරු නිලධරයකු විසින් ම, ඔහු හෝ ඇය තොරතුරුනිලධරයකු ලෙස පත් කරනු ලැබ ඇත්තේ යම් පොදු අධිකාරියක් වෙනුවෙන් ද, ඒ අධිකාරිය වෙත ඉදිරිපත් කළ තොරතුරු සඳහාවන ඉල්ලීමක දී, ඒ තොරතුරු ලැබෙන්නට සැලැස්විය යුතු අතර,එවැනි ඉල්ලීමක් සිදු කරන යම් පුරවැසියකුට අවශ්‍ය සියලු සහායලබා දිය යුතු ය.
    2. තොරතුරු නිලධරයා විසින්, මෙම පනත යටතේ ඔහු හෝඇය වෙත පවරන ලද කාර්යය නිසි පරිදි ඉටු කිරීම සඳහා ඔහුහෝ ඇය විසින් අවශ්‍ය යයි සලකනු ලැබිය හැකි වෙනත් යම්නිලධරයකුගේ සහාය ලබා ගත හැකි අතර, එසේ එවැනිනිලධරයකුගෙන් සහාය ඉල්ලා සිටි විට, එම සහාය ලබා දීම ඒනිලධරයාගේ කාර්යය වන්නේ ය.
    1. මේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අපේක්ෂාකරන යම් පුරවැසියකු විසින්, ඉල්ලා සිටින තොරතුරු පිළිබඳවිස්තර නිශ්චිතව දක්වමින් උචිත තොරතුරු නිලධරයාට ලිඛිතවඉල්ලීමක් කළ යුතු ය: එසේ වුව ද, මේ උපවගන්තිය යටතේ ඉල්ලීමක් කරනු ලබනයම් පුරවැසියකුට යම් හේතුවක් මත එම ඉල්ලීම ලිඛිතව කිරීමටනොහැකි අවස්ථාවක, එම ඉල්ලීම වාචිකව කිරීමට එම පුරවැසියාටහිමිකමක් ඇති අතර, ඉල්ලීම කරනු ලබන පුරවැසියා වෙනුවෙන්එම ඉල්ලීම ලිඛිතව සටහන් කර ගැනීම උචිත තොරතුරුනිලධරයාගේ කාර්යය වන්නේ ය.
    2. යම් පුරවැසියකු විසින් -
      1. පොදු අධිකාරියක් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමටඅපේක්ෂා කරනු ලබන අවස්ථාවක දී; හෝ
      2. මේ පනතේ නියමයන්ට අනුකූල නොවන ආකාරයට යම්පොදු අධිකාරියක් වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇතිඅවස්ථාවක දී,

      තොරතුරු නිලධරයා විසින් මේ පනතේ විධිවිධානවලට අනුකූලවනආකාරයට එම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා ගාස්තු අයකිරීමකින්තොරව එම පුරවැසියා වෙත සහාය ලබා දීමට අවශ්‍ය සිය ̈ පියවරගනු ලැබිය යුතු ය

    3. ඉල්ලීමක් ලැබීමේ දී, එම ඉල්ලීම ඉදිරිපත් කළ පුරවැසියාවෙත තොරතුරු නිලධරයකු විසින් වහාම එම ඉල්ලීම ලැබීම පිළිබඳලිඛිත දැනුම්දීමක් යොමුකරනු ලැබිය යුතු ය.
    4. ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලබන යම් පුරවැසියකු වෙත කඩිනම්ප්‍රතිඋත්තරයක් ලබා දීමට යම් තොරතුරු නිලධරයකුට හැකිවේනම්, සහ එම ප්‍රතිඋත්තරය මගින් ඉල්ලීම ඉදිරිපත් කරනු ලැබූපුරවැසියා සෑහීමට පත්වේ නම්, එම ඉල්ලීම හා ඒ සඳහා ලබා දුන්ප්‍රතිඋත්තරය පිළිබඳ තොරතුරු නිලධරයා විසින් වාර්තාවක් සකස්කර තබා ගත යුතු වේ.
    5. තොරතුරු සඳහා යම් ඉල්ලීමක් ඉදිරිපත් කරනු ලබනපුරවැසියකු විසින්:-
      1. තොරතුරු හඳුනාගැනීම සඳහා තොරතුරු නිලධරයා වෙතහැකියාව ලැබෙන පරිදි, සාධාරණ ලෙස අවශ්‍ය විය හැකි,ඉල්ලා සිටිනු ලබන තොරතුරුවලට අදාළ විස්තර සපයනුලැබිය යුතු ය
      2. එම පුරවැසියා තොරතුරුවලට ප්‍රවේශ වීමට අපේක්ෂාකරනු ලබන ආකෘතියේ ස්වභාවය හා භාෂාව හඳුනා ගනුලැබිය යුතු ය;
      3. යම් තැනැත්තකුගේ ජීවිතය ආරක්ෂා කර ගැනීම හෝනිදහස ආරක්ෂා කර ගැනීම සඳහා තොරතුරු අවශ්‍යබවට විශ්වාස කරනු ලබන අවස්ථාවක දී, එම විශ්වාසකිරීම පිළිබඳ පදනම ඇතුළුව ඒ සඳහා වූ ප්‍රකාශයක්ඇතුළත් කළ යුතු ය; සහ
      4. ඔහු හෝ ඇය සම්බන්ධ කරගත හැකි අවශ්‍ය විස්තර හැර,තොරතුරු ඉල්ලා සිටීමට හේතු කිසිවක් හෝ වෙනත්පුද්ගලික විස්තර ලබා දීම අවශ්‍ය නොවන්නේ ය.
    6. මේ වගන්තියේ කාර්ය සඳහා -
      “ලිඛිතව ̃ යන්නට විද්‍යුත් මාර්ගයෙන් කරනු ලබන ලිඛිතව වූකරුණු ද ඇතුළත් වේ; සහ“උචිත තොරතුරු නිලධරයා ̃ යන්නෙන් තොරතුරු ඉල්ලාසිටින පොදු අධිකාරියට පත් කරනු ලැබ සිටින තොරතුරුනිලධරයා අදහස් වේ.
    1. තොරතුරු නිලධරයකු විසින්, හැකි ඉක්මණින් සහකෙසේ වුව ද 24 වන වගන්තිය යටතේ ඉල්ලීමක් ලැබී වැඩ කරනදින දාහතරක් ඇතුළත 14 (ඉ) වගන්තියේ නිශ්චිතව දක්වා ඇතිගාස්තු උපලේඛනය ප්‍රකාරව නිශ්චය කරනු ලබන ගාස්තුවක් ගෙවීමමත ඉල්ලා සිටින ලද තොරතුරු සැපයීමට හෝ මේ පනතේ 5 වනවගන්තියේ දක්වා ඇති හේතුවලින් යම් එක් හේතුවක් හෝ ඊටවැඩි ගණනක් මත එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හෝ තීරණයකළ යුතු අතර, එම තීරණය, ඉල්ලීම කළ පුරවැසියා හට වහාමසන්නිවේදනය කළ යුතු ය.
    2. ඉල්ලා සිටින ලද තොරතුරු සැපයීම සඳහා තීරණයක් ගනුලබන අවස්ථාවක, එම තොරතුරුවලට ප්‍රවේශ වීම, එම තීරණයටඑළඹීමෙන් දින දාහතරක් ඇතුළත ප්‍රදානය කළ යුතු ය.
    3. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම, යම් පුරවැසියකුගේජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක, එමඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම, ඉල්ලීම ලැබීමෙන් පැය හතලිස්අටක් ඇතුළත කළ යුතු ය.
    4. (1) වන උපවගන්තිය යටතේ යම් ගාස්තුවක් ගෙවීමට ඇතිඅවශ්‍යතාවය නොතකා, ගාස්තුවක් ගෙවීමෙන් තොරව තොරතුරුනිලධරයකු විසින් තොරතුරු සපයනු ලැබිය හැකි අවස්ථාවන්කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලැබිය හැකි ය.
    5. තොරතුරු වෙත ප්‍රවේශ වීම සඳහා ලබා දී ඇති (2) වනඋපවගන්තියේ සඳහන් දින දාහතරක කාලසීමාව-
    6. දින විසි එකකට වැඩි නොවන තවදුරටත් වූ කාලයක් සඳහා දිර්ඝකරනු ලැබිය හැකි ය.
      1. ඉල්ලීම කරනුයේ විශාල වාර්තා ප්‍රමාණයක් සඳහා වේනම් සහ දින දාහතරක කාලසීමාවක් ඇතුළත තොරතුරුසැපයීම අදාළ පොදු අධිකාරියේ කටයුතු සමග අසාධාරණලෙස මැදිහත්වීමක් සිදුවේ නම්ත හෝ
      2. ඉල්ලීම මගින් ඉල්ලා ඇති තොරතුරු ලබාගත යුතු පොදුඅධිකාරියේ කාර්යාලය එම තොරතුරු නිලධරයාගේ මහානගරයේ, නගරයේ නොවන හෝ වෙනත් ස්ථානයක පිහිටාඇති විට, වාර්තා සොයා බැලීම හෝ එම කාර්යාලයෙන්වාර්තා ලබා ගැනීම තොරතුරු නිලධරයාට සාධාරණවදින දාහතරක් තුළ සම්පූර්ණ කළ නොහැකිඅවස්ථාවක දී,24 වන වගන්තියයටතේ ඉදිරිපත්කරනු ලබනඉල්ලීම් සඳහාතීරණය.
    7. (5) වන උපවගන්තියේ සඳහන් යම් අවස්ථානුගත කරුණක්හේතුවෙන් තොරතුරු සැපයීමේ කාලසීමාව දීර්ඝ කිරීමට සිදුවනඅවස්ථාවක දී, තොරතුරු නිලධරයා විසින්, හැකි සාධාරණඉක්මණින් සහ එහෙත් ́නෑම අවස්ථාවක දී දින දාහතරක් ඇතුළත,අදාළ පුරවැසියා වෙත පහත සඳහන් කරුණු ඉදිරිපත් කරමින් එමකරුණ දැනුම් දිය යුතු වේ:-
      1. දීර්ඝ කිරීමේ කාලසීමාව; සහ
      2. දීර්ඝ කිරීමේ හේතු,
    8. (6) වන උපවගන්තිය යටතේ ලබා දී ඇති හේතුවලින්අතෘප්තියට පත්වන යම් පුරවැසියකු විසින් නම් කළ නිලධරයාවෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබිය හැකි ය.
    1. සෑම පොදු අධිකාරියක් විසින් ම පහත දැක්වෙන කරුණුනිශ්චිතව දක්වමින් කාර්යාල පරිශ්‍රය තුළ ප්‍රකටව පෙනෙන ස්ථානයකසහ එම පොදු අධිකාරියේ වෙබ් අඩවියක් ඇත්නම් එම වෙබ් අඩවියේනිවේදනයක් ප්‍රදර්ශනය කරනු ලැබිය යුතු ය:-
      1. කොමිෂන් සභාව හා සම්බන්ධ වීමේ විස්තර සහ කොමිෂන්සභාවේ සාමාජිකයන් පිළිබඳව;
      2. තොරතුරු නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර;
      3. නම් කළ නිලධරයාගේ සම්බන්ධ වීමේ විස්තර; සහ
      4. එම පොදු අධිකාරියෙන් ́නෑම තොරතුරක් ලබා ගැනීමසඳහා අයකරනු ලබන ගාස්තු පිළිබඳව.
    2. (1) (ඈ) උපවගන්තියේ සඳහන් ගාස්තුව 14 (ඉ) වගන්තියයටතේ කොමිෂන් සභාව විසින් සකස්කර ඇති ගාස්තු උපලේඛනයප්‍රකාරව නිශ්චය කරනු ලැබිය යුතු ය.පොදු අධිකාරීන්විසින් තොරතුරුනිලධරයන්පිළිබඳ සහඅයකරනු ලබනගාස්තු පිළිබඳතොරතුරුප්‍රදර්ශනය කළයුතු බව.
    1. තොරතුරු ලබා ගැනීම සඳහා වන ඉල්ලීමකට ඉඩදීමට තීරණයක් ගෙන ඇති අවස්ථාවක, එම තොරතුරු, ඉල්ලාසිටිනු ලබන ආකෘතියෙහි සැපයීම අදාළ ලේඛනයේ හෝ වාර්තාවේසුරක්ෂිතභාවයට හෝ ආරක්ෂාවට අගතිදායක නොවන බවතොරතුරු නිලධරයාගේ මතය වන්නේ නම් මිස, එම තොරතුරුඉල්ලා සිටින ලද ආකෘතියෙහි සපයනු ලැබිය යුතු ය.
    2. ඉල්ලා සිටිනු ලබන ආකාරයට තොරතුරු සැපයීම සඳහාතොරතුරු නිලධරයකු අපොහොසත් වන අවස්ථාවක දී, තොරතුරුවෙත ප්‍රවේශ වීමේ උචිත විකල්ප ක්‍රමයක් තීරණය කිරීම සඳහාපුරවැසියාගෙන් උපදෙස් ලබා ගැනීම සහ හැකි සියලු සහාය එමපුරවැසියාට ලබාදීම මෙන්ම එම ඉල්ලීම ප්‍රකාරව ක්‍රියා කිරීම සඳහාපහසුකම් සැලැස්වීම එකී නිලධරයාගේ කාර්යය වන්නේ ය.
    3. (1) වන උපවගන්තියේ විධිවිධානවලට යටත්ව, තොරතුරුලබා ගැනීම සඳහා වූ ඉල්ලීමකට ඉඩ ලබා දී ඇත්තා වූ යම්පුරවැසියකු හට -
      1. අදාළ වැඩ, ලේඛන, වාර්තා අධීක්ෂණය කිරීම සඳහා;
      2. අදාළ ලේඛනයෙන් හෝ වාර්තාවලින් සටහන්, උද්ධෘතහෝ සහතික පිටපත් ලබා ගැනීම සඳහා;
      3. අදාළ ද්‍රව්‍යයන්ගේ සහතික කළ නිදර්ශන ලබා ගැනීමසඳහා;
      4. එම තොරතුරු පරිගණකයක හෝ වෙනත් යම් උපාංගයකගබඩා කර ඇති අවස්ථාවක දී, ඩිස්කට්, ප්ලොපි, පටි,දෘෂ්‍ය කැසට්පට හෝ වෙනත් යම් විද්‍යුත් ක්‍රමයකින් හෝමුද්‍රිත පිටපත් වශයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා, හිමිකමක් ඇත්තේ ය
  17. තොරතුරු නිලධරයකු විසින්, තොරතුරු ලබා ගැනීම සඳහාවන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ අවස්ථාවක දී, එම නිලධරයා විසින්එම ඉල්ලීම කළ පුරවැසියා වෙත 25 (1) වගන්තිය යටතේ යවනු ලැබීමට නියමිත සන්නිවේදනයේ පහත දැක්වෙන තොරතුරුනිශ්චිතව දන්වා යැවිය යුතු ය:-
    1. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු; සහ
    2. මෙම පනතේ 32 වන වගන්තිය යටතේ එම ප්‍රතික්ෂේපකිරීමට එරෙහිව අභියාචනයක් යොමු කළ හැක්කේ කවරකාලසීමාවක් ඇතුළත ද යන්න සහ එම අභියාචනය යොමුකළ හැක්කේ කවර තැනැත්තකු වෙත ද යන්න.
    1. යම් පුරවැසියකු විසින් තොරතුරු නිලධරයකුගෙන් ඉල්ලාඇති තොරතුරු, තුන්වන පාර්ශවයකට අදාළ හෝ තුන්වන පාර්ශවයක්විසින් සපයන ලද අවස්ථාවක දී සහ එම තොරතුරු සපයනු ලබනඅවස්ථාවේ දී එය රහසිගත තොරතුරක් වශයෙන් සලකනු ලැබූඅවස්ථාවක, තොරතුරු සැපයීමේ නිලධරයා විසින් එම ඉල්ලීමලැබීමෙන් දින හතක් ඇතුළත දී, එම තොරතුරු හෙළිදරව් කිරීමටපක්ෂව හෝ විරුද්ධව එකී තුන්වන පාර්ශවය විසින් නිවේදන ලැබීදින හතක කාලයක් ඇතුළත නියෝජන ඉදිරිපත් කරන ලෙස ලිඛිතනිවේදනයක් නිකුත් කිරීම මගින් එකී තුන්වන පාර්ශවය වෙතආරාධනා කරනු ලැබිය යුතු ය.
    2. තොරතුරු නිලධරයකු විසින්, තුන්වන පාර්ශවයකට අදාළහෝ තුන්වන පාර්ශවයක් විසින් සපයා ඇති තොරතුරක් හෙළිදරව්කිරීම සඳහා වන ඉල්ලීමක් සම්බන්ධයෙන් තීරණයක් ගනු ලැබීමේදී, (1) වන උපවගන්තිය යටතේ එම තුන්වන පාර්ශවය විසින් කරනලද නියෝජනය සැලකිල්ලට ගත යුතු අතර, තුන්වන පාර්ශවයවිසින් -
      1. එම නිවේදනයට ප්‍රතිචාර දක්වනු නොලබන අවස්ථාවකදී, ඒ ඉල්ලා සිටිනු ලබන තොරතුරු හෙළිදරව්කළ යුතු ය;
      2. එම නිවේදනයට ප්‍රතිචාර දක්වා ඒ ඉල්ලා ඇති තොරතුරුහෙළිදරව් කිරීමට එකඟ වී ඇති අවස්ථාවක දී, එමතොරතුරු හෙළිදරව් කළ යුතු ය;
      3. එම නිවේදනයට ප්‍රතිචාර දක්වා, ඒ ඉල්ලා ඇති තොරතුරුහෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවක දී,ඉල්ලා සිටිනු ලබන තොරතුරු වෙත ප්‍රවේශ වීමප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු ය: එසේ වුව ද, අදාළ තොරතුරු මුදා හැරීම, එම තොරතුරු හෙළිදරව්නොකිරීමේ පුද්ගලික බැඳියාවට, වඩා වැදගත්කමින් වැඩිවනඅවස්ථාවක දී ඉල්ලීම කරනු ලබන පුරවැසියා විසින් තත්කාර්යසඳහා කරනු ලබන ඉල්ලීමක් මත, කොමිෂන් සභාව විසින්, තෙවනපාර්ශවයක් විසින් එම අනාවරණය කිරීමට එරෙහිව ඉදිරිපත් කරනුලබන යම් විරෝධතා නොතකා ප්‍රශ්නගත තොරතුරු අනාවරණයකරන ලෙස විධාන කරනු ලැබිය හැකි ය.
  18. මේ පනත යටතේ තොරතුරු නිලධරයකුට නියම කරනුලැබූ හෝ පවරනු ලැබූ කර්තව්‍යයක් හෝ බලයක් ඉටු කිරීමේ දීහෝ ක්‍රියාත්මක කිරීමේ දී, එම නිලධරයා සද්භාවයෙන් කරන ලදකවර වූ ක්‍රියාවක් හේතුකොටගෙන ඒ පොදු අධිකාරිය හෝ ඒපොදු අධිකාරියේ තොරතුරු නිලධරයා හෝ වෙනත් යම් නිලධරයකුහෝ කිසිදු සිවිල් හෝ අපරාධ වගකීමකට යටත් නොවිය යුතු ය.
  19. VI වන කොටස
    ප්‍රතික්ෂේප කිරීම්වලට එරෙහි වූ අභියාචනා
      1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක්භාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම
      2. 5 වන වගන්තිය යටතේ ප්‍රදානය කිරීමෙන් මුක්ත කර ඇතිතොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සඳහාඅවස්ථාව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම;
      3. මේ පනත මගින් නිශ්චිතව දක්වා ඇති කාලසීමාවන්ටඅනුකූල නොවීම;
      4. සම්පූර්ණ නොවූ, නොමග යවන හෝ සාවද්‍ය තොරතුරුප්‍රදානය කිරීම;
      5. වැඩිපුර ගාස්තු අයකිරීම;
      6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමටතොරතුරු නිලධරයා විසින් ප්‍රතික්ෂේප කිරීම;
      7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීමසඳහා එම තොරතුරු විකෘතිකර, විනාශකර හෝ අස්ථානගතකරඇති බවට එම තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හටසාධාරණ හේතු පැවතීම, මත අතෘප්තියට පත්වන යම් පුරවැසියකු විසින්, අවස්ථාවෝචිතපරිදි එම ප්‍රතික්ෂේප කිරීම, ක්‍රියාව හෝ අභියාචනයක් කිරීම සඳහාහේතු පවතින බව දැනගත් දින සිට දින දාහතරක කාලයක් ඇතුළතනම් කළ නිලධරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබියහැකි ය:
      එසේ වුව ද අභියාචකට පාලනය කළ නොහැකි හේතුවක් නිසාඅභියාචනය ගොනු කිරීමෙන් අභියාචක වළක්වා ඇති බවට නම්කළ නිලධරයා සෑහීමට පත් වේ නම් පමණක් දින දාහතරකකාලසීමාව අවසන්වීමෙන් පසුව ඔහු හෝ ඇය විසින් එම අභියාචනයපිළිගනු ලැබිය හැකි ය
    1. නම් කළ නිලධරයා විසින්, ́නෑම අවස්ථාවක දී, එසේ වුවත්වැඩකරන දින තුනක කාලයක් ඇතුළත, අභියාචනය කරනු ලබනපුරවැසියා වෙත එම අභියාචනය භාර ගැනීමේ දී, කුවිතාන්සියක්නිකුත් කළ යුතු ය
    2. නම් කළ නිලධරයා විසින් (1) වන උපවගන්තිය යටතේ සඳහන්කර ඇති යම් අභියාචනයක් පිළිබඳ තීරණය, එම අභියාචනය ලැබීසති තුනක කාලයක් ඇතුළත ලබාදිය යුතු අතර, ඒ සඳහා වූ නිශ්චිතපදනම ඇතුළුව එම තීරණය සඳහා වූ හේතු ද දැක්විය යුතු ය.
    3. 1) වන උපවගන්තිය යටතේ අභියාචනයක් ඉදිරිපත් කිරීමසඳහා වූ යම් පුරවැසියකුගේ අයිතිවාසිකම, කොමිෂන් සභාව වෙතඔහු හෝ ඇය විසින් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකමටඅගතිගාමී නොවිය යුතු ය.
    4. අභියාචනය ඉදිරිපත් කරනු ලබන පුරවැසියා විසින් (1) වනඋපවගන්තියේ සඳහන් කාලසීමාව ඇතුළත එම අභියාචනය ඉදිරිපත්කිරීමට අපොහොසත් වීම පිළිබඳ සාධාරණ හේතු ඉදිරිපත් කරඇති අවස්ථාවක දී, නම් කළ නිලධරයා විසින් ස්වකීය අභිමතයපරිදි එම ප්‍රමාදය නොසලකමින් අභියාචනය විභාග කරනු ලැබියහැකි ය.
      1. 31(1) වගන්තිය යටතේ වන අභියාචනයක්සම්බන්ධයෙන් කරන ලද තීරණයෙන් අගතියට පත් යම් තැනැත්තකුවිසින්, එම තීරණය සන්නිවේදනය කිරීමෙන් මාස දෙකක් ඇතුළතදී; හෝ
      2. 31 (3) වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇති කාලය ඇතුළතතීරණයක් ලබා දිය යුතු යම් අභියාචනයකට තීරණය ලබා ගැනීමටනොහැකි වීමෙන් අගතියට පත් යම් තැනැත්තකු විසින්, එසේනිශ්චිතව දක්වා ඇති කාලය ඉකුත් වීමෙන් මාස දෙකක්ඇතුළත දී,එම තීරණයට හෝ තීරණය ලබා ගැනීමට නොහැකි වීමට එරෙහිවකොමිෂන් සභාවට අභියාචනා කළ හැකි අතර, කොමිෂන් සභාවවිසින්, එම අභියාචනය ලැබීමෙන් දින තිහක් ඇතුළත අභියාචනාකොට ඇත්තේ කවර තීන්දුවකට එරෙහිව ද එම තීරණය ස්ථිරකිරීම, වෙනස් කිරීම, හෝ ප්‍රතිවර්තනය කිරීම කළ හැකි අතර, එමඉල්ලීම අවශ්‍ය කටයුතු සඳහා අදාළ තොරතුරු නිලධරයාට නැවතත්යැවිය හැකි ය.
    1. අභියාචකට පාලනය කළ නොහැකි හේතුවක් නිසා නියමිතකාලයේ දී අභියාචන ගොනු කිරීමෙන් අභියාචක වළක්වා ඇතිබවට කොමිෂන් සභාව සෑහීමට පත්වේ නම්, එම මාස දෙකකකාලය අවසන් වීමෙන් පසුව කොමිෂන් සභාව විසින් අභියාචනයභාරගනු ලැබිය හැකිය.
    2. කොමිෂන් සභාව විසින් අභියාචක වෙත, තොරතුරු නිලධරයාවෙත සහ අදාළ අධිකාරිය වෙත ස්වකීය තීරණ සඳහා වූ හේතුලිඛිතව ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.
    3. අභියාචනයක් ඉදිරිපත්කර ඇති අවස්ථාවක දී, ඉල්ලීමක්සකස් කිරීමේ දී පනතට එකඟව ක්‍රියාකර ඇති බව පෙන්වාදීමසඳහා වූ ඔප්පු කිරීමේ භාරය පොදු අධිකාරිය වෙත පැවරී ඇත්තේ ය.
  20. අතෘප්තියට පත් පාර්ශවය විසින් අවස්ථාවෝචිත පරිදි, 31 වනවගන්තිය හෝ 32 වන වගන්තිය යටතේ යම් හේතුවක් මත අභියාචනයක්ඉදිරිපත් කිරීමට අපොහොසත් වන අවස්ථාවක දී, අගතියට පත්පාර්ශවය විසින් ලිඛිතව නිසි පරිදි බලය පවරනු ලබන වෙනත් යම්තැනැත්තකු මාර්ගයෙන් එම අභියාචනය යොමු කළ හැකි ය.
    1. 32 වන වගන්තිය යටතේ කොමිෂන් සභාව විසින් දෙනලද තීරණයකින් අතෘප්තියට පත් යම් පුරවැසියකු හෝ පොදුඅධිකාරියක් විසින්, ඒ තීරණයට එරෙහිව, එම තීරණය එකීපුරවැසියාට හෝ පොදු අධිකාරිය වෙත දැනුම් දෙනු ලැබූ දිනයේසිට මාසයක් ඇතුළත අභියාචනාධිකරණය වෙත අභියාචනයක්ඉදිරිපත් කරනු ලැබිය හැකි ය.
    2. මේ වගන්තිය යටතේ යම් අභියාචනයකට අදාළව ආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ 136 වන ව්‍යවස්ථාව යටතේ රීති සාදනු ලබන තෙක්,අභියාචනාධිකරණයට ප්‍රතිශෝධන මාර්ගයෙන් ඉදිරිපත් කරනු ලබනඉල්ලීමකට අදාළව එම ව්‍යවස්ථාව යටතේ සාදනු ලබන රීති, මේවගන්තියේ (1) වන උපවගන්තිය යටතේ කරන ලද සෑම අභියාචනයක්සම්බන්ධයෙන් ම අදාළ කර ගනු ලැබිය යුතු ය.
  21. VII වන කොටස
    සාමාන්‍ය
  22. යම් තැනැත්තකුට කවර හෝ ආකාරයකින් බලපාන තීරණයක්ලබා දෙන යම් පොදු අධිකාරියක සෑම නිලධරයකුම, අදාළතැනැත්තා විසින් තත්කාර්ය සඳහා කරනු ලබන ඉල්ලීමක දී, එමතීරණයට එළඹීම සඳහා වූ හේතු එම තැනැත්තාට ලිඛිතව හෙළිදරව්කළ යුතු ය.
  23. මේ පනතේ කිසිවක් මගින්, නීතියට එකඟව යථා පරිදි ක්‍රියාකිරීමේ දී යම් තොරතුරු දරන්නන් විසින් තොරතුරු ප්‍රසිද්ධ කිරීමෙන්හෝ තොරතුරු වෙත ප්‍රවේශය ලබා දීමෙන් හෝ යම් තැනැත්තකුවිසින් තොරතුරු සෙවීමෙන් සහ තොරතුරු ලබාගැනීමෙන්,වැළැක්වීමක් හෝ අධෛර්යමත් කිරීමක් සිදුවන බව අදහස් නොවියයුතු ය.
    1. අවශ්‍ය යයි කොමිෂන් සභාව සලකන පරිදි නොයෙක්විට, එහෙත් එක් ලිත් වර්ෂයකට යටත් පිරිසෙයින් එක් වාර්තාවක්පිළියෙල වන සේ, කොමිෂන් සභාව විසින් එහි කටයුතු පිළිබඳවාර්තා පිළියෙල කළ යුතු ය. එසේ පිළියෙල කරනු ලබන සෑමවාර්තාවක ම පිටපතක් කොමිෂන් සභාව විසින් පාර්ලිමේන්තුවේසභාගත කිරීමට පාර්ලිමේන්තුව වෙත ප්‍රේෂණය කළ යුතු අතර,එක් එක් වාර්තාවේ පිටපතක් ජනාධිපතිවරයාට ද යැවිය යුතු ය.
    2. (1) වන උපවගන්තිය යටතේ සකස් කරන ලද වාර්තාවේපිටපතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් සති දෙකක් ඇතුළතදී, කොමිෂන් සභා කාර්යාලයේ දී මහජන පරීක්ෂාව සඳහා තැබීමටසැලැස්විය යුතු අතර, හැකි සෑම අවස්ථාවක දී ම එහි පිටපතක්කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබා ගැනීමට සැලැස්විය යුතු ය.
      1. යම් තොරතුරු නිලධරයකු විසින් සිතාමතාම -
        1. යම් පුරවැසියකුගේ තොරතුරු ලබා ගැනීම සඳහාවූ ඉල්ලීමක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනඅවස්ථාවක දී;
        2. ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ හේතු දැන්වීමකින් තොරවතොරතුරු සඳහා වූ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනඅවස්ථාවක දී;
        3. 14 (ඉ) වගන්තියේ ගාස්තු උපලේඛනය උල්ලංඝනයකරමින් ඉහළ ගාස්තු නිර්දිෂ්ඨ කරනු ලබනඅවස්ථාවක දී;
        4. මෙම පනතේ විධිවිධානවලට අනුකූලව ඉල්ලීමක්සම්බන්ධයෙන් කටයුතු කිරීමට අපොහොසත් වනඅවස්ථාවක දී; හෝ
      2. යම් නම් කළ නිලධරයකු විසින් සිතාමතාම -
        1. මේ පනතේ 5 වන වගන්තියේ සඳහන් හේතුවක්මත හැර, වෙනත් යම් හේතුවක් නිසා 31 වනවගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද යම්අභියාචනයක් ප්‍රතික්ෂේප කරනු ලබන අවස්ථාවකදී; හෝ
        2. 31 (3) වගන්තිය යටතේ නිශ්චිතව දක්වා ඇතිකාලසීමාව ඇතුළත, සිදුකරන ලද අභියාචනයක්පිළිබඳ තීරණයක් ලබා දීමට කිසිදු සාධාරණහේතුවක් නොමැතිව පැහැර හැරීම සිදුකරනු ලබනඅවස්ථාවක දී, කොමිෂන් සභාව විසින් එම කරුණ පිළිබඳව නිසි විනය බලධරයාගේදැන ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ය.කොමිෂන් සභාවවිසින් නිසි විනයබලධරයා වෙතදැනුම්දීම.
    1. අදාළ විනය බලධරයා විසින් එම අධිකාරිය වෙත යොමුකරන ලද යම් කරුණක් සම්බන්ධයෙන් ගන්නා ලද ක්‍රියාමාර්ගපිළිබඳව මාසයක කාලයක් ඇතුළත කොමිෂන් සභාව වෙත දැනුම්දිය යුතු ය.
      1. තොරතුරු සැපයීම සිතාමතා අවහිර කරනු ලබන හෝචේතනාන්විතව වැරදි සහගත, අසම්පූර්ණ හෝ නිවැරදිනොවන තොරතුරු සපයනු ලබන;
      2. එම පොදු අධිකාරියේ ඔහු හෝ ඇයගේ සේවා නියුක්තියක්‍රියාත්මක කිරීම හේතුවෙන් ලබා ගත් දැනුම හෝතමා වෙත ප්‍රවේශයක් ඇති, තොරතුරු චේතනාන්විතවවිනාශ කරනු ලබන, අවලංගු කරනු ලබන, වෙනස්කරනු ලබන හෝ පූර්ණ හෝ අර්ධ වශයෙන් වසන්කරනු ලබන; හෝ
      3. කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටීමේ දී කොමිෂන්සභාව ඉදිරියේ පෙනී සිටීම පැහැර හරිනු ලබන හෝප්‍රතික්ෂේප කරනු ලබන;
      4. කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිට කොමිෂන් සභාවවිසින් කරනු ලබන පරීක්ෂණ පැහැර හරිනු ලබනහෝ ප්‍රතික්ෂේප කරනු ලබන හෝ ඔහුගේ භුක්තියේහෝ බලය යටතේ පවතින යම් තොරතුරු ඉදිරිපත්කිරීම පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබනහෝ දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම යටතේ චේතනාන්විතවසාවද්‍ය තොරතුරු සපයනු ලබන;
      5. කොමිෂන් සභාවේ තීරණයකට අනුකූලවීම පැහැරහරින හෝ ප්‍රතික්ෂේප කරන;
      6. මේ පනත මගින් කොමිෂන් සභාව වෙත පැවරී ඇතිහෝ එම කොමිෂන් සභාවේ යම් නිලධරයකු හෝසේවානියුක්තිකයකු වෙත පැවරී ඇති බලතලක්‍රියාත්මක කිරීමේ දී, කොමිෂන් සභාව හෝ එහි යම්නිලධරයකු හෝ සේවානියුක්තිකයකු වළක්වන හෝඅවහිර කරනු ලබන;
      7. මෙම පනතේ 12 (7) වගන්තියේ විධිවිධාන උල්ලංඝනයවන ආකාරයට යම් තොරතුරක් හෙළිකරනු ලබන,සෑම තැනැත්තකු ම මේ පනත යටතේ වරදක් සිදු කරනඅතර, මහෙස්ත්‍රාත්වරයකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේ දී රුපියල් පනස්දහසක්නොඉක්මවන දඩ මුදලකට හෝ අවුරුදු දෙකක කාලයක්නොඉක්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එම දඩය හාබන්ධනාගාරගත කිරීම යන දෙකටම එම තැනැත්තා යටත් වියයුතු ය.
    1. 23 (3) වගන්තිය යටතේ තොරතුරු නිලධරයකු විසින් සහායඉල්ලා සිටියේ යම් නිලධරයකුගෙන් ද ඒ නිලධරයා විසින් සාධාරණහේතුවක් නොමැතිව ඒ සහාය ලබා දීම පැහැර හරින විට, ඒනිලධරයා මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන අතරමහෙස්ත්‍රාත්වරයා විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින්පසුව වරදකරු කරනු ලැබීමේ දී රුපියල් දසදහසක් නොඉක්මවනදඩයකට යටත් විය යුතු ය.
    2. මේ වගන්තියේ (1) වන හෝ (2) වන උපවගන්තිවල සඳහන්කරන ලද යම් වරදක් සිදු කිරීම වෙනුවෙන් පනවන ලද දඩය, මේපනත යටතේ පනවන ලද කාර්යයක් කරගෙන යාම පැහැර හැරීමවෙනුවෙන්, විනය ක්‍රියා මාර්ගයක් ගැනීමට බලය පවරා ඇති අදාළඅධිකාරිය විසින් ඒ නිලධරයාට එරෙහිව ගනු ලැබිය හැකි යම්විනය ක්‍රියා මාර්ගයකට හානියක් නොවන අමතර දඩයක් වියයුතු ය.
    3. මෙම පනත යටතේ අපරාධ නඩු පැවරීමක් කොමිෂන් සභාවවිසින් ආරම්භ කළ යුතු ය.
  24. යම් පොදු අධිකාරියක කිසිදු නිලධරයකු හෝ සේවානියුක්තිකයකු වීම හේතුවෙන්, යම් නීතිමය හෝ වෙනත් බැඳීමකටයටත් වන යම් තැනැත්තකු, එම නීතිමය හෝ බැඳීම කුමක් වුවත්මේ පනත යටතේ නිදහස් කිරීමට හෝ හෙළිදරව් කිරීමට අවසරදෙනු ලබන යම් තොරතුරු, නිදහස් කිරීම හෝ හෙළිදරව් කිරීමසම්බන්ධයෙන් විනයානුකූල හෝ අන්‍යාකාර වූ යම් දඬුවමකටයටත් නොවිය යුතු ය.
    1. අමාත්‍යවරයා විසින් කොමිෂන් සභාව විමසා මේ පනතයටතේ නියම කිරීම අවශ්‍ය වන සිය ̈ කාරණා සම්බන්ධයෙන් හෝමේ පනතේ මූලධර්ම සහ විධිවිධාන බලාත්මක කිරීම සඳහා නියෝගසෑදීමට අවශ්‍ය විය හැකි සිය ̈ කාරණා සම්බන්ධයෙන් නියෝගසාදනු ලැබිය හැකි ය.
    2. (1) වන උපවගන්තිය යටතේ සාදනු ලබන සෑම නියෝගයක්ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු අතර, ඒ නියෝග එසේ පළ කරනු ලබන දිනයෙහි හෝ ඒ නියෝගයෙහි නිශ්චිතව සඳහන් කරනුලැබිය හැකි වෙනත් යම් පසු දිනයක දී හෝ ක්‍රියාත්මක විය යුතු ය.
    3. (1) වන උපවගන්තිය යටතේ සාදන ලද සෑම නියෝගයක් ම,එය ගැසට් පත්‍රයේ පළ කළ පසු නොපමාව අනුමතය සඳහාපාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර, එසේ අනුමත කරනුනොලබන යම් නියෝගයක් ඒ යටතේ කලින් කරන ලද කිසිවකටඅගතියක් නොමැතිව එම අනනුමතයේ දින සිට පරිච්ඡින්න කළසේ සලකනු ලැබිය යුතු ය.
    4. යම් නියෝගයක එසේ පරිච්ඡින්න කරන ලදැයි සලකනුලබන දිනය ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතු ය.
    1. කොමිෂන් සභාව විසින් පහත සඳහන් කාරණාසම්බන්ධයෙන් රීති සාදනු ලැබිය හැකි ය:-
      1. කොමිෂන් සභාව වෙත අභියාචනයක් ඉදිරිපත් කළ යුතුආකෘතිය සහ ආකාරය;
      2. පරීක්ෂණයක් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු කාර්යපටිපාටිය;
      3. තොරතුරු සැපයීම සම්බන්ධයෙන් වූ ගාස්තු උපලේඛනය;
      4. 10 වන වගන්තිය යටතේ සකස් කළ යුතු වාර්තාවලආකෘතිය.
    2. මේ වගන්තිය යටතේ සාදන ලද කිසිදු රීතියක් අමාත්‍යවරයාවිසින් අනුමත කර, ඒ අනුමතය පිළිබඳ නිවේදනය ගැසට් පත්‍රයේපළකරනු ලබන තෙක් බලාත්මක නොවිය යුතු ය.
  25. මේ පනතේ පද සම්බන්ධයෙන් අන්‍යාර්ථයක් අවශ්‍ය වුවහොත්මිස-

    “පුරවැසියා ̃ යන්නට, යම් ව්‍යවස්ථාපිත වූ හෝ ව්‍යවස්ථාපිත නොවූමණ්ඩලයක සාමාජිකයන්ගෙන් හතරෙන් තුනකට නොඅඩුසංඛ්‍යාවක් පුරවැසියන් වන්නේ නම්, එවැනි මණ්ඩලයක්ඇතුළත් වේ;

    “නම් කළ නිලධරයා ̃ යන්නෙන්, මෙම පනතේ 23 වන වගන්තියයටතේ පත් කරනු ලැබ ඇති අභියාචන විභාග කිරීමේනිලධරයකු අදහස් වේ;

    “උසස් අධ්‍යාපන ආයතනය ̃ යන්නෙන්, 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත මගින් පිහිටුවන ලද හෝ පිහිටුවන ලදැයිසලකන හෝ ඇති කරන ලද හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදනකොමිෂන් සභාව විසින් පිළිගනු ලැබූ හෝ වෙනත් යම්පනතක විධිවිධාන යටතේ පිහිටුවන ලද විශ්වවිද්‍යාලයක්,මණ්ඩපයක් හෝ විශ්වවිද්‍යාලයීය විද්‍යායතනයක් අදහස්වේ;

    “තොරතුරු ̃ යන්නට, පහත සඳහන් ඒවායේ භෞතික ස්වරූපයහෝ ස්වභාවය නොසලකා, සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත්තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, නියම,ලොග් පොත්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්,ආදර්ශක, හුවමාරු වන ලිපි, සංදේශ, නීති කෙටුම්පත්, පොත්,පිඹුරු, සිතියම්, චිත්‍ර, රූපසටහන්, රූපමය හෝ ප්‍රස්තාරමයවැඩ හෝ ඡායාරූප, සේයාපට, ක්ෂුද්‍ර සේයාපට, ශබ්ද පටිගතකිරීම්, වීඩියෝ පට, යන්ත්‍ර මගින් කියවිය හැකි වාර්තා,පරිගණක වාර්තා සහ වෙනත් ලේඛනගත ද්‍රව්‍ය, ඇතුළු යම්ආකාරයකින් ලේඛනගත කරන ද්‍රව්‍ය සහ ඒවායේ යම් පිටපත්ඇතුළත් වේ;

    “තොරතුරු නිලධරයා ̃ යන්නෙන්, මේ පනතේ 23 වන වගන්තියයටතේ පත් කරනු ලබන තොරතුරු සපයන නිලධරයකුඅදහස් වේ;

    “පළාත් පාලන ආයතනය ̃ යන්නෙන්, මහා නගර සභාවක්, නගරසභාවක් හෝ ප්‍රාදේශීය සභාවක් අදහස් වන අතර, එවැනියම් සභාවක් මගින් ක්‍රියාත්මක කරනු ලබන, කරනු ලබනසහ ඉටු කරනු ලබන බලතල, කාර්ය සහ කර්තව්‍යවලටඅනුරූපි හෝ සමාන බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මකකිරීම, කිරීම සහ ඉටු කිරීම සඳහා යම් නීතියක් යටතේ ඇතිකරනු ලබන හෝ පිහිටුවනු ලබන යම් අධිකාරියක් ද අදහස්වේ;

    “රාජ්‍ය නොවන සංවිධාන ̃ යන්නෙන්, ස්වේච්ඡා පදනම මත පුද්ගලකණ්ඩායමක් විසින් ඇතිකරන ලද, රජයෙන් හෝ ජාත්‍යන්තරසංවිධානවලින් සෘජුව හෝ වක්‍රව අරමුදල් ලැබෙන, රාජ්‍යනොවන ආකාරයේ සංවිධාන අදහස් වේ;

    “පොදු අධිකාරිය ̃යන්නෙන් -
    1. ආණ්ඩුවේ අමාත්‍යාංශයක්;
    2. “රාජ්‍ය නොවන සංවිධාන ̃ යන්නෙන්, ස්වේච්ඡා පදනම මත පුද්ගලකණ්ඩායමක් විසින් ඇතිකරන ලද, රජයෙන් හෝ ජාත්‍යන්තරසංවිධානවලින් සෘජුව හෝ වක්‍රව අරමුදල් ලැබෙන, රාජ්‍යනොවන ආකාරයේ සංවිධාන අදහස් වේ;
    3. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ (ඉ) ඡේදය යටතේ නිශ්චිතවදක්වා ඇති ප්‍රමාණයට හැර 2007 අංක 7 දරන සමාගම්පනත හැර යම් ලිඛිත නීතියක්, හෝ පළාත් සභාවකප්‍රඥප්තියක් මගින් හෝ යටතේ පිහිටුවන ලද යම් මණ්ඩලයක්හෝ කාර්යාලයක්;
    4. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්;
    5. සිය කොටස්වලින් සියයට විසිපහක් හෝ ඉන් වැඩි ප්‍රමාණයක්හෝ අන්‍යාකාරයකින් පාලන අයිතියක් ඇති රජය හෝ රාජ්‍යසංස්ථාවක් හෝ රජය සහ රාජ්‍ය සංස්ථාවක් එකතුව දරනුලබන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගතකරන ලද සමාගමක්;
    6. පළාත් පාලන ආයතනයක්;
    7. ආණ්ඩුව හෝ එහි නියෝජ්‍යායතනයක හෝ පළාත් පාලනආයතනයක කොන්ත්‍රාත්තුවක්, හවුල් ව්‍යාපාරයක්, ගිවිසුමක්හෝ බලපත්‍රයක් යටතේ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යයක්ඉටුකරන එහෙත් ඒ ව්‍යවස්ථාපිත හෝ පොදු කර්තව්‍යයන්ගෙන්හෝ පොදු සේවාවන්ගෙන් ආවරණය වූ ක්‍රියාකාරකම්ප්‍රමාණයකට පමණක් සීමා වූ පෞද්ගලික හිමිකාරීත්වයක්හෝ සංවිධානයක්;
    8. පළාත් සභාවක් විසින් පිහිටුවන ලද හෝ ඇති කරන ලද යම්දෙපාර්තමේන්තුවක් හෝ වෙනත් අධිකාරියක් හෝආයතනයක්;
    9. මහජනතාව වෙත සේවයක් ලබාදෙනු ලබන සහ ඉල්ලාසිටින ලද තොරතුරු මහජනතාව වෙත ලබාදෙනු ලබනසේවයට අදාළ වනතාක් දුරට ආණ්ඩුව හෝ යම්දෙපාර්තමේන්තුවක් හෝ පළාත් සභාවක් මගින් පිහිටුවනලද හෝ ඇතිකරන ලද වෙනත් අධිකාරියක් හෝ විදේශීයආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් මගින් සැලකියයුතු ප්‍රමාණයේ අරමුදල් සපයනු ලබන රාජ්‍ය නොවනසංවිධාන;
    10. යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවනු ලබන, හඳුනාගනු ලබනහෝ බලපත්‍රයක් ලබා දෙනු ලබන හෝ රජය මගින් හෝරාජ්‍ය සංස්ථාවක් මගින් හෝ පළාත් සභා ප්‍රඥප්තියක් යටතේපිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම් ව්‍යවස්ථාපිතමණ්ඩලයක් මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්මුල්‍යාධාර සපයන පෞද්ගලික විශ්වවිද්‍යාල සහ වෘත්තීයආයතන ඇතුළු උසස් අධ්‍යාපන ආයතන;
    11. යම් ලිඛිත නීතියක් යටතේ පිහිටුවනු ලබන, පිළිගනු ලබනහෝ බලපත්‍රයක් ලබා දෙනු ලබන හෝ රජය මගින් හෝරාජ්‍ය සංස්ථාවක් මගින් හෝ පළාත් සභා ප්‍රඥප්තියක් යටතේපිහිටුවනු ලබන හා ඇති කරනු ලබන යම් ව්‍යවස්ථාපිතමණ්ඩලයක් මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්මුල්‍යාධාර සපයන වෘත්තීය හෝ කාර්මික අධ්‍යාපනය ලබාදෙන ආයතන ඇතුළු පුද්ගලික අධ්‍යාපන ආයතන;
    12. යුක්තිය පසිඳලීම සඳහා ඇති කොට පිහිටුවන ලද අධිකරණ,විනිශ්චය අධිකරණ හා ආයතන,
  26. මේ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර, යම්අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨයබලපැවැත්විය යුතු ය.
    SCHEDULE [Section 12(8)]
    කොමිෂන් සභාවේ සාමාජිකයන්ට අදාළ වන විධිවිධාන
    1. (1)A member of the Commission shall cease to be a member, where such member:-
      1. ජනාධිපතිවරයා අමතා යවනු ලබන ලිපියකින් ඔහුගේ හෝ ඇයගේධුරයෙන් කලින් ඉල්ලා අස්වූ අවස්ථාවක දී;
      2. ජනාධිපතිවරයා විසින් ධුරයෙන් ඉවත් කරන අවස්ථාවක දී;
      3. අධිකරණය විසින් වරදකරුවකු කරනු ලැබ ඇති අවස්ථාවක දී;
      4. කොමිෂන් සභාවෙන් කලින් නිවාඩු ලබා ගැනීමකින් තොරවකොමිෂන් සභාවේ අනුක්‍රමික රැස්වීම් තුනකට ඔහු හෝ ඇයනොපැමිණ සිටීමෙන් ධුරය හැරගියා සේ සලකන අවස්ථාවක දී;හෝ
      5. ධුරය දරන කාල සීමාව තුළදී ඔහුගේ ධුරයේ කාර්යට පරිබාහිරවයම් රැකියාවක නිරත වන අවස්ථාවක දී,
    2. ඒ සාමාජිකයා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විමසා ධුරයෙන්ඉවත් කරනු ලැබිය හැකි ය.
      1. යම් කායික දුබලතාවයක් හෝ සිහිවිකලභාවයක් හේතුවෙන් ඔහුගේහෝ ඇයගේ කාර්යයන් ඉටු කිරීමට ස්ථිර වශයෙන් නොහැකිඅවස්ථාවක දී;
      2. චරිත දූෂණය මත ඔහු හෝ ඇයගේ රාජකාරි ඉටුකිරීමට සුදුසුතත්වයක නොමැති අවස්ථාවක දී; හෝ
      3. නිසි බලය ඇති අධිකරණයක් විසින් යම් වරදකට වරදකරු කරඇති අවස්ථාවක දී,
    3. කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ වෙනත් යම් සාමාජිකයකු විසින්ජනාධිපතිවරයා අමතා තත්කාර්ය සඳහා යවනු ලබන ලිපියක් මගින් ඒ ධුරයෙන්ඉල්ලා අස්විය හැකි අතර, ඒ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් ලිඛිතවපිළිගන්නා දිනයේ සිට බලාත්මක විය යුතු ය.
    4. කොමිෂන් සභාවේ යම් සාමාජිකයකුගේ ධුරය හිස්වන අවස්ථාවක දී,ජනාධිපතිවරයා විසින් 12 (1) වගන්තියේ සඳහන් කාර්ය පටිපාටිය අනුගමනයකළ යුතු අතර, වෙනත් තැනැත්තකු ඔහු අනුප්‍රාප්ත වන සාමාජිකයාගේ ධුරකාලයෙන් ඉකුත් නොවී ඇති කාලය සඳහා ධුරය දැරීමට පත්කරනු ලැබියයුතු ය.
      1. කොමිෂන් සභාවේ සාමාජිකයකු අසනීපයක්, ශ්‍රී ලංකාවෙන් බැහැරවසිටීම හෝ වෙනත් යම් හේතුවක් නිසා ඔහුගේ හෝ ඇයගේ කාර්යයන් ඉටුකිරීමට තාවකාලිකව නොහැකිවන අවස්ථාවක දී, ජනාධිපතිවරයා විසින්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ඒ සාමාජිකයා වෙනුවට ක්‍රියාකිරීමටඔහු හෝ ඇය නොපැමිණි කාලය සඳහා වෙනත් තැනැත්තකු පත්කරනු ලැබියහැකි ය;
      2. කොමිෂන් සභාවේ සභාපතිවරයා අසනීපයක්, ශ්‍රී ලංකාවෙන් බැහැරවසිටීම හෝ වෙනත් යම් හේතුවක් නිසා ඔහුගේ හෝ ඇයගේ කාර්යයන් ඉටුකිරීමට තාවකාලිකව නොහැකිවන අවස්ථාවක දී, ජනාධිපතිවරයා විසින් ඒසභාපතිවරයා නැති විට, සභාපතිවරයා වෙනුවෙන් ක්‍රියාකිරීමට කොමිෂන්සභාවේ වෙනත් යම් සාමාජිකයකු පත්කරනු ලැබිය යුතු ය.
    5. කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මුදල් විෂයයභාර අමාත්‍යවරයා විසින්තීරණය කරනු ලැබිය යුතු පරිදි යම් පාරිශ්‍රමිකයක් ගෙවනු ලැබිය යුතු ය.
      1. කොමිෂන් සභාව සෑම මසක දී ම යටත් පිරිසෙයින් එක් වරක් හෝඅවශ්‍ය පරිදි වාර ගණනක් රැස්විය යුතු ය.
      2. මණ්ඩලයේ යම් රැස්වීමක ගණපූරණය සාමාජිකයන් තුන් දෙනෙකුවිය යුතු ය.
      3. කොමිෂන් සභාවේ සිය ̈ රැස්වීම්වල මුලසුන කොමිෂන් සභාවේසභාපතිවරයා දැරිය යුතු අතර, එවැනි යම් රැස්වීමකට සභාපතිවරයා පැමිණනොමැති අවස්ථාවක දී, පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතරින් යම්සාමාජිකයකු ඒ රැස්වීමේ මුලසුන දැරීම සඳහා තෝරා ගත යුතු ය.
      4. කොමිෂන් සභාවේ යම් රැස්වීමක දී සභාපතිවරයාට හෝ මුලසුනදරන යම් තැනැත්තකුට තමාගේ ඡන්දයට අමතරව තීරක ඡන්දයක් හිමි වියයුතු ය.
      5. කොමිෂන් සභාව විසින් එහි රැස්වීම් පැවැත්වීම සහ රැස්වීමේ කටයුතුසම්බන්ධයෙන් වූ කාර්ය පටිපාටිය විධිමත් කරනු ලැබිය යුතු ය.
    6. කොමිෂන් සභාවේ මුද්‍රාව -
      1. කොමිෂන් සභාව විසින් කලින් කලට නිශ්චය කරනු ලබන ආකාරයටවිය යුතු ය;
      2. කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලබන යම් තැනැත්තකුභාරයේ තිබිය යුතු ය;
      3. කොමිෂන් සභාව විසින් නිශ්චය කරනු ලැබිය හැකි යම් ආකාරයකින්වෙනස් කරනු ලැබිය හැකි ය; සහ
      4. කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ වෙනත් එක් සාමාජිකයකුඉදිරිපිට දී මිස කිසිදු සාධන පත්‍රයකට නොතැබිය යුතු අතර, ඒදෙදෙනා විසින් තමන් පැමිණ සිටි බවට සාක්ෂි වශයෙන් එකීසාධන පත්‍රයෙහි අත්සන් කළ යුතු ය.
//