d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
යාපනය පළාලි ජාත්යන්තර ගුවන්තොටුපළ විවෘතකිරීමේ කටයුතු පසුගිය රජයේ අවසන් කාලය තුළ ඉතා කඩිනමින් අවසන් කළ අතර ගුවන්ගමන් කටයුතු ද ඉතා ඉක්මනින් ආරම්බ විය. යාපනය ගුවන්තොටුපල ජාත්යන්තර ගුවන්තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ ව්යාපෘතිය පිළිබඳ මාධ්ය වාර්තා පළවන්නේ ද මෙය විවෘත කිරීමෙන් අනතුරුවය. ඕනෑම ව්යාපෘතියක් කඩිනමින් හා ප්රමිතියෙන් යුතුව අවසන් කිරීම අගය කළ යුතු වුවත් මෙම ව්යාපෘතිය පිළිබද ජනතාවගේ දැනුවත්භාවය පවතින්නේ අවම මට්ටමක බව දැකිය හැකිය. රටේ පවතින තවත් එක් ජාත්යන්තර ගුවන්තොටුපළක් ලෙස මෙම ගුවන්තොටුපළ ඉදිකිරීමේ ව්යාපෘතිය සහ වර්තමාන ක්රියාකාරීත්වය පිළිබඳ මහජනතාවට තවදුරටත් සන්නිවේදනය කිරීම වැදගත් වේ.
මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා රජ විසින් දරණු ලැබූ වියදම හා ව්යාපෘතිය ක්රියාත්මක වීම සඳහා නිර්දේශිතව පැවැති කාලය පිළිබඳව විමසා අප ශ්රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය වෙත තොරතුරු දැනගැනීමේ පනත යටතේ වන තොරතුරු ඉල්ලීමක් සිදු කරන ලදී. එම ඉල්ලීම මඟින් මේ සදහා ඇස්තමේන්තුගත වියදම පිළිබඳ කරනු ලැබූ විමසීමේදී අප වෙත ලබා දුන් තොරතුරුවලට අනුව මේ සඳහා රුපියල් මිලියන 1950ක මුදලක් ඇස්මේන්තු ගතකර ඇත. අමාත්ය මණ්ඩලය සංදේශ අංක MF/PE/CM/2019/84 යන 2019.04.01 ද දිනැති අමාත්ය මණ්ඩල සංදේශයෙහි මෙම මුදල අනුමත කරනු ලදුව ඇත.
මෙම ගුවන්තොටුපල සංවර්ධන කටයුත්ත සඳහා අනුමත කාලරාමුව පිළිබඳ අප විසින් කරනු ලැබූ විමසීමට අනුව සිවිල් ගුවන්සේවා අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය සමඟ ඇතිකරගෙන ඇති ගිවිසුමෙහි සඳහන් කාල රාමුවක් අප වෙත එවා තිබිණී. මෙම ගිවිසුමේ ඇතුලත් කාලය සම්බන්ධ සඳහන් කිරීමට අනුව මෙහි කොන්ත්රාත් කාලය මාස 3කි. එනම් 2019 ජූලි මස 05 වන දින සිට මාස තුනක කාලයක් මෙම ව්යාපෘතියේ කාල රාමුව ලෙස දක්වා ඇත. මෙය ඉතා සීමිත කාලපරිජ්ඡේදයකි.
මේ ආකාරයට විමසා බලන විට ජාත්යන්තර ගුවන්තොටුළක් ලෙස දක්වනු ලබන යාපනය ගුවන්තොටුපළ සැබැවින්ම ජාත්යන්තර ප්රමිතීන්ට අදාළව වැඩකටයුතු අවසන් කර ඇති ද යන ගැටලුවද පැන නගියි. මෙම ගුවන්තොටුපළ විවෘත කිරීමයට පෙර මෙය ජාත්යන්තර ප්රමිතියට අනුව පවතීද යන්න නිශ්චය කරගත්තේ ද යන ගැටලුව නිරාකරණය කර ගැනීම සදහා මෙම ගුවන්තොටුපළ විවෘත කිරීමට පෙර ඉන්ජිනේරැවන් විසින් සිදුකරනලද තත්ත්ව පරීක්ෂණයක් වේ නම් එම වාර්තාවේ පිටපතක්ද ද අප විසින් ඉල්ලුම්කරන ලදී. මෙහිදී සිවිල් ගුවන්සේවා අධිකාරිය දන්වා තිබුනේ යාපනය ගුවන්තොටුපල අදාළ ජාත්යන්තර සිවිල් ගුවන්සේවා ප්රමිතීන්ට අනුකූලබවට අධිකාරිය විසින් කරන ලද සහතිකය හැරුණු කොට වෙනත් තත්ත්ව සහතිකයක්ද මේ සඳහා නොමැති බවයි.
මේ ආකාරයට සිවිල් ගුවන්සේවා අධිකාරිය යාපනය ගුවන්තොටුපල ජාත්යන්තර ප්රමිතීන්ට අනුව නිවැරදිව වැඩඅවසන් කරඇති බවට සහතික වෙයි. මේ පිළිබඳ ජනතාව තුල පවතින සැකය ඉවත් කිරීමටද කටයුතු කල යුතු බව පෙනී යයි. මෙම තොරතුරු නිල වශයෙන් ලබා ගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත මගින් ලැබුණු අවකාශයද අගය කල යුතුය.