d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
මෙම වර්ෂයේ මුල් මාස කිහිපය තුල ශ්රී ලංකාවේ බොහෝ ප්රදේශවලට විදුලිබල හිඟයකට මුහුණදීමට සිදුවිය. මෙම විදුලිබල හිඟය නිසා දිවයිනේ සෑම ප්රදේශයකටම පාහේ විදුලිය ලබා දීම සිදුකරන ලද්දේ සීමාකරන ලද කාල රාමුවක් යටතේ ය. මෙමඟින් මෙරට සාමාන්ය ජන ජීවීතයට විශාල බලපෑමක් ඇතිවූ අතර නිශ්පාදන ක්රියාවලියට මෙමඟින් සිදු වූ බලපෑම ද සුලුපටු නොවී ය. ශ්රී ලංකාව වැනි කුඩා විදුලිබල ධාරිතාවයක් ඇති රටක පවතින බලශක්තීය කළමණාකරණය කර ගැනීම සහ නව බලශක්ති ප්රභව ඇති කර ගැනීම සඳහා අවශ්ය වන්නේ පැහැදිළි සැලසුමක් සහ නඩත්තුවක් පමණි. මෙම වසර තුළ ඇතිවූ විදුලිබල හිඟය කෙරෙහි බලපානු ලැබූ හේතුසාධක ඉදිරි වර්ෂවලදී ද ඒ ආකාරයෙන්ම පැන නැගීමේ සම්බාවිතාව ඒ ආකාරයෙන්ම පවතින නිසා මේ සදහා ක්රමවත් සැළසුමක් ආරම්භ කොට තැබීම රජයක් වශයෙන් කලයුතු අනිවාර්ය කටයුත්තකි.
ඉදිරියේදී ඇතිවිය හැකි මෙවැනි විදුලිබල හිඟයන්ට මුහුණ දීම සඳහා රජය මඟින් යෝජනාකර ඇති සහ ක්රියාත්මක කිරීම ආරම්භ කර ඇති විසඳුම් මොනවාද යන්න පිළිබඳ විමසා අප විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වන තොරතුරු ඉල්ලීමක් සිදුකරන ලදී. ලංකා විදුලිබල මණ්ඩලය මඟින් ලබා දුන් තොරතුරුවලට අනුව පහත සඳහන් ව්යාපෘති හා උපක්රම යටතේ ඉදිරියෙදී ඇතිවීමට නියමිත විදුලිබල අර්බුදයට විසඳුම් සෙවීමට රජය බලාපොරොත්තු වෙයි.
ශ්රී ලංකා විදුලිබල මණ්ඩලය මඟින් පිළියෙළ කරන ලද 2018-2037 දිගු කාලීන සැලැස්ම මඟින් 2019 වසර ආරම්භවන විට පද්ධතිය සඳහා 300MW ස්වාභාවික වායු විදුලි බලාගාරය (Open Cycle) කොටස සහ 320MW Reciprocating Engine තාප විදුලි බලාගාරය යන අංශ එක්කිරීම සඳහා සැළසුම්කර තිබුණද ඒවාහි වඅඩ අවසන් කිරීම ප්රමාද වී ඇත. මේ නිසා මේවායේ වැඩකටයුතු කඩිනමින් අවසන් කර ජාතික පද්ධතියට ඇතුළත් කිරීම ඔවුන්ගේ එක් සැළසුමකි. ඉහත සඳහන් ධාරිතා ඉලක්ක සපුරා ගැනීමට නොහැකි වුව ද ඒ වෙනුවට 170MW ප්රමාණයක ධාරිතාවයක් ACE Emblipitiya, ACE matara හා Asia Power යන තාප විදුලි බලාගාරවල ගිවිසුම් දික්කීරීම මඟින් පද්ධතියට එක්කරගෙන ඇත. එමෙන්ම මීට අමතරව 100MW අතිරේක ධාරිතාවයක් තරඟකාරී ටෙන්ඩර් කැඳවීමක් මඟින් පද්ධතියට එක්කරගෙන ඇත.
2018-2037 දිගු කාලීන ජනන සැලසුම මඟින් හඳුනාගෙන ඇති පරිදි වියළි කාළගුණ තත්ව, නව බලාගාර ඉදිකිරීම ප්රමාද වීම හා ප්රධාන බලාගාර ඇනහිටීම (නඩත්තු කටයුතු නිසිපරිදි සිදුකිරීම සඳහා) වැනි ඇතිවිය හැකි අවිනිශ්චිත තත්ව යටතේ අමතර 150 MW ධාරිතාවයක අවශ්යතාවය පවතින බව හඳුනාගෙන ඇත. එම 150MW ප්රමාණය ද ඇතුළත්ව 2019 වර්ෂය සඳහා 470MW ධාරිතාවයක් අවශ්ය වන අතර එයින් 270MW පද්ධතියට එකතුකර ඇත. මීට අමතරව 200MW ක ධාරිතාවයක් 2019 වර්ෂය සඳහා පද්ධතියට එකතු කිරීමට ඉතිරිව ඇති බවද විදුලිබල මණ්ඩලය පුකාශකර සිටියි.
මේ අනුව පෙනී යන්නේ මෙරට විදුලිබල අර්බුධය සඳහා කෙටිකාලීන සහ තාවකාලික මිළදී ගැනීම් සදහා වැඩි අවධානයක් යොමුවී ඇතත් ඉදිරි අවුරුදු 5-10 වැනි කාලයක් තුළදීවත් ඇතිවිය හැකි මෙවැනි විදුලිබල හිඟයන්ට මුහුණදීම සඳහා සතුටුවිය හැකි මට්ටමේ දීර්ඝකාලීන විසඳුම් හඳුනාගත නොහැක.