d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
ශ්රී ලංකාවේ දරුවන් මුහුණදෙන ඉතා තරගකාරී
විභාගයක් ලෙස පහ වසර ශිෂ්යත්ව විභාගය හැදින්විය හැකිය. නම් කරනු ලබන කඩයිම් ලකුණු
ප්රමාණයට සඩා වැඩියෙන් ලකුණු ලබා ගැනීම මගින් සමත්වන දරැවන් ද්වීතියික අධ්යාපනය
සදහා වඩා හොද පාසල්වලට තෝරාගැනීම සදහා අධ්යාපන අමාත්යාංශය මගින් මෙම විභාගය
පවත්වනු ලැබේ. මේ නිසා ශ්රී ලංකාවේ ශිෂ්යයින්ගේ අධ්යාපන ක්රියාවලිය තුළ වැදගත්
සංදිස්ථානයක් ලෙස පහ වසර ශිෂ්යත්ව විභාගය හැදින්විය හැකි ය. ඇතැම් ශිෂ්යයින් හොද
පාසලකට ඇතුලත් වීමේ සිහිනය සැබෑ කර ගැනීම සදහා විශාල ලෙස වෙහෙස වී වැඩ කරනු දැකිය
හැකි ය.
එක් ශිෂ්යාවකගේ දෙමාපියන්, තම දරුවා පහ වසර ශිෂ්යත්වය
විභාගයෙන් ලැබූ ප්රතිඵලයට වඩා ඉතා දක්ෂ දරැවෙකු බව පැවති විශ්වාසය නිසා ලැබුණු ප්රතිඵලය
ගැන සෑහිමකට පත් නොවී ය. මේ හේතුවෙන් ශිෂ්යත්ව විභාගයේ පිළිතුරු පත්ර පරීක්ෂා
කිරීමට ලබා දෙන ලෙස ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කර තිබිණි.
මෙම තොරතුරු ලබා දිම ප්රතික්ෂේප වූවිට
එම දෙමාපියන් මෙය ළමා අයිතිවාසිකම් යටතේ සළකා බලන ලෙසට ඉල්ලීමක් කර ඇත. ඇතැම්විට
මෙම ශිෂ්යාවගේ පළමු සහ දෙවන ප්රශ්නපත්ර අතර යම්කිසි අයුරකින් නිසි ලෙස
නොගැලපීමක් පැවතිය හැකි බව දෙමාපියන් සැක කරන්නට විය. මෙම සැකය දුරැ කර ගැනීම සදහා
ප්රශ්න ලත්ර දෙකෙහි අත් අකුරු සංසන්දනය සදහා පරීක්ෂා කිරීමට ලබා දෙන ලෙස
දෙමාපියන් ඉල්ලා තිබිණි.
මෙම ඉල්ලීමට ප්රතිචාර දක්වමින් විභාග
දෙපාර්තුමේන්තුව පිළිත්රරු පත්ර දෙක පරීක්ෂා කිරීම සදහා අවසර ලබා දී ඇත. ඒ සදහා
නම්කරන ලද නිලධාරියෙකු හා ඒ සදහා වේලාවක් වෙන්කොට දී තිබිණි.
දරුවා සහ දෙමාපියන් විසින් පිළිතුරු පත්ර
පරීක්ෂා කිරීමේ දී එහි ගනණය කිරීම්වල සහ පරීක්ෂා කිරීමේ ගැටළුවක් හදුනා ගත්ත ද මෙය
නිවැරදි කිරීිමට මෙතෙක් ක්රියාමාර්ග ගෙන නැත.
අප කළ විමසීමක දී පෙනී ගියේ එම
පැමිණිල්ල තවමත් ආයතනය තුළ විභාග වෙමින් පවතින බවයි. විභාග දෙපාර්තුමේන්තුව විසින්
මෙම අසාධාරණයට හා අපහසුතාවයට පත් වූ පාර්ශවය වෙනුවෙන් සතුටුදායක නිවැරදි කිරීමක්
තවම සිදුකර නොමැත.