d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
2016 දී මෙරට සම්මතවූ තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ ඕනෑම රාජ්ය
ආයතනයකින්පොදු යහපත සඳහා වූ කරුණක් පිළිබද ප්රශ්න කල හැකිය. ඒ නිසාම තමන්ට තම ප්රදේශයේ
ජනතාවට මුහුණ දෙන්නට වන ගැටළු පිලිබඳ බොහෝ දෙනා මේ ඔස්සේ විමසීම දැකිය හැකි විය. ඒ
විමසීම් තුලින් තම ගැටළු වලට විසදුම් ලබාගත් පිරිස් ද බොහෝ ය.
නමුත් මැතකදී තොරතුරු දැනගැනීමේ පනත
ඔස්සේ කළුතර කැලිඩෝ වෙරළ තීරය පිලිබඳ විමසීමක් කල පුද්ගලයෙකුට මැතකදී කළුතර දිස්ත්රික්
ලේකම් කාර්යාලයෙන් ඉතා අපුරු පිළිතුරක් ලැබී තිබිණි. “ඔබගේ ඉල්ලීම ප්රශ්න
ස්වරූපයෙන් ඉරිදිපත් කර ඇති බැවින් මෙම තොරතුරු ලබාදීමට නොහැකි බව කාරුණික දන්වා
සිටිමි” ලෙසට පිළිතුරු ලැබී තිබිණි. කැලිඩෝ වෙරළ
තීරයේ පාරිසරික ගැටළු පිළිබඳ මෙම තොරතුරු අයදුම්පත යොමු කොට තිබිණි. මෙහිදී කළුතර
කැලිඩෝ වෙරළ තීරයේ වර්තමානය වන විට උද්ගතව ඇති තත්ත්වයට හේතු සාධක,මේ වන විට සිදුව ඇති
පාරිසරික හානිය පිලිබඳ කර ඇති තක්සේරුව, මෙම තත්ත්වය
වැලක්වීමට ගෙන ඇති ක්රියාමාර්ග සහ මෙම තත්ත්වය වැලක්වීමට ගෙන ඇති ඉදිරි සැලසුම්
මොනවා ද ආදී ලෙසට තොරතුරු ඉල්ලීම් අයදුම්පත තුළ අන්තර්ගත විය.
තොරතුරු නිලධාරියෙකු ලෙස මෙලෙස තොරතුරු
ප්රතික්ෂේප කල හැකිද? මෙසේ පිළිතුරු ලබාදීම වෙනුවට ප්රතික්ෂේප
කිරීමට සාධාරණ හේතු දැක්වීම තොරතුරු නිලධාරියාගේ වගකීම නොවේද? මෙය තොරතුරු පනතට
අනුකුලවේද?