d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
ගාල්ල නියාගම ප්රදේශය නිතර නිතර ගංවතුර
නිසා පීඩාවටපත් වන ප්රදේශයකි. තමන් ජීවිත කාලය පුරාවටම උපයාගත්දේ ගංවතුරට ගසාගෙන
යනහැටි බලා සුසුම් හෙලන බොහෝ දෙනා මේ ප්රදේශයේ සිටී. දින සති මාස ගණන් ගංවතුරෙන්
යටවූ තම ප්රදේශයන් යථාතත්වයට පත්වන තුරු කදවුරු පාසල් වලට වී බලා සිරීමට ඔවුනට
බොහෝවිට සිදුවේ. මෙවැනි ගංවතුර තත්ත්වයන් ඇති වනවිට තම දරුමල්ලද රැගෙන
තාවකාලික අවතැන් කදවුරු වන පාසල් පන්සල් පල්ලි වලට වී කාලයගත කිරීමට මොවුන්ට
සිදුවේ. මේ වැනි අවසථා වලදී ඉතා දුෂ්කර ලෙස කාලය ගෙවීමට ඔවුනට සිදුවේ. මේ නිසා
පාසල් වල අධ්යාපනික කටයුතුද අඩාල වන අවස්ථා නැතුවම නොවේ.
මේ නිසාම මීට විසදුමක් ලෙස ගාල්ල නියාගම
ප්රදේශයේ ගංවතුරෙන් ආපදාවට ලක්වූ ජනයාට රැදී සිටින්නට තාවකාලික රැදවුම් මධ්යස්ථානයක්
ඉදිකිරීමට අවශ්ය කටයුතු සුදානම් විය. නිතර නිතර ගංවතුර නිසා පීඩාවට පත් වන ජනතාවට
සැබවින්ම මෙය යම් අස්වැසිල්ලක් විණි. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් නිමා වුවත් රටේ
පැවතී දේශපාලන අස්තාවර වීම් සහ දේශපාලනික පෙරළියත් සමග මෙය ජනසතු කිරීමේ කටයුත්ත
ප්රමාද වන ස්වරූපයක් ප්රදේශවාසීන්ට දකින්නට හැකි විය. මේ පිලිබඳ ප්රදේශවාසීන්
විවිධ බලධාරීන්ගෙන් විමසුවත් ඊට නිසි පිළිතුරක් නොලැබිණි.
මේ අතරතුරේදී තොරතුරැ දැනගැනීමේ පනත
පිළිබද දැනුවත්වූ ප්රදේශවාසීන් විසින් මෙම තාවකාලි කරැදවුම් මධ්යස්ථානය ජන සතු
නොකිරීම පිලිබඳ විමසා ස්වදේශ කටයුතු අමාත්යංශයට තොරතුරු අයදුම්පතක් යොමු කරන ලදී.
අදාළ කාල පරිච්ඡෙදය තුල කිසිදු පිළිතුරක් නොලැබුනද මෙම තවකාලික රැදවුම් මධ්යස්ථානය
ජන සතු කිරීමට අවශ්ය පියවර බලධාරීන් විසින් ක්රියාත්මක කරන්නට විය.
සැබවින්ම මෙය නියාගම ප්රදේශවාසීන්ට තොරතුරු පනත ඔස්සේ දිනා ගැනීමට හැකි වූ
විශාල ජයග්රහණයක් ලෙස ඔවුන් පවසයි.