d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
අනුරාධපුර, මාතලේ හන්දියේ
කුන්චිකුලම තුලානේ වසන එච්.එමආර්.කේ හේරත් මහත්මිය සිය ඉඩමේ හිමිකම් ලබා ගනු පිණිස
පැවත්වූ ඉඩම් සමීක්ෂණ වැඩසටහනකට සහභාගී වූයේ 2016 වසරේදීය. එවකට
මිහින්තලේ ප්රාදේශීය ලේකම් කාර්යාලය වෙත දෙතුන් වතාවක් පැමිණියාය.
අගනුවර අතහැර තම මුල්ගම වන
කුංචිකුලමතුලානේ පදිංචියට ඇය එන්නේ 2017 වසරේදීය. සිය ගමට
පැමිණි ඇය සුපුරුදු ලෙස නැවතත් උත්සුක වන්නේ ඉඩම් සමික්ෂණයේ ප්රථිපල අනුව තම
හිමිකම සම්බන්ධ තීරණය දැනගනු සඳහාය. ඒ සඳහා දෙවසරක කාලයක් තිස්සේ ප්රාදේශීය ලේකම්
කාර්යාලයත්, අනුරාධපුර කච්චේරියත් වෙත ආගිය ගමන්වාර
අනන්තය.
හේරත් මහත්මියගේ ඉල්ලීමට මේ කිසිදු
අවස්ථාවක පිළිගත හැකි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබුණේ නැත. තමන් එවන් ඉඩම්
සමීක්ෂණයක් සිදු නොකළ බවත්, එවැනි සමීක්ෂණයක කිසිදු තොරතුරක් තමන්
සතුව නොමැති බවත් මේ ආයතන අවසානයේ තම ගැලවීම සඳහා ප්රකාශ කළහ.
තම අයිතියට කුමක් සිදුවූයේද යන්න පිලිබඳ
නිසි පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි හේරත් මහත්මිය මේ පිළිතුරු වලින් සෑහීමකට පත්වුයේ
නැත. තම ගැටලුවට පිළිතුරු සපයා ගන්නට තොරතුරු දැනගැනීමේ පනතේ පිහිට පතනට ඇය තීරණය
කලේ අනතුරුවය.
තම ගැටලුවට අදාලව තොරතුරු දැනගැනීමේ
පනතයටතේ සම්පූරණ කෙරුණු ඉල්ලුම් පතක් ද, ගැටලුවේ ස්වභාවයට
අදාළ විස්තර ලබාගන්නට උපකාරී වන ප්රශ්නමාලාවක් ද, මේ යටතේ මිනින්තලේ ප්රාදේශීය
ලේකම් කාර්යාල තොරතුරු නිලධාරියා වෙත ඉදිරිපත් කෙරිණි.
තමන් සතුව නැතයි පැවසූ තොරතුරු සහ ලේඛන
පිලිබඳ විස්තර ලබා දීමට හැකි බවට ඇය වෙත පිළිතුරු ලිපියක් ඔවුන් වෙතින් ලැබිණි.
අදාළ ලිපි ලේඛන ලබා ගැනීම සඳහා අදාල රජයේ ගාස්තු ගෙවා ඒ සදහා කටයුතු පිළියෙළ
කරගන්නා ලෙසද ලැබුණු දැනුම්දීමෙන් පවසා තිබුණි.
ඇයට ලැබුණු පිළිතුරු ලිපියේ සහ ලේඛන අතර
හේරත් මහත්මිය ඉල්ලා සිටි සියලුම තොරතුරු වලට අදාළ පිළිතුරු අන්තර්ගත වී පැවතිණි.
ඒ හැරුණු විට ඇගේ ඉඩමේ වපසරියද මේ ලිපි ලේඛන අනුව පෙරට වඩා අඩු අගයක් ගෙන තිබිණි. මේ කරුණු වලට අමතරව හේරත් මහත්මියගේ ඉඩමට පළාත්
ඉඩම් කොමසාරිස්වරයාගේ අනුමැතියද ලැබී ඇති බව ඉන්පැහැදිලි විය.
මේ හැරුණු විට වරදකින් හෝ අතපසුවීමකින්
ඔවුන්ගේ ඉඩම් රජයේ ඉඩම් යටතේ සලකා බැලුණු බවද අදාළ පිළිතුරෙන් හෙළිදරව් කරගන්නට
ඇයට හැකිවිය.
මේ තොරතුරැ සියල්ල අනාවරණය කරගන්නට මග
පෑදුනේ හේරත් මහත්මිය තම ඉඩම් අයිතිය පිලිබඳ නිරවුල් අදහසක් ලබාගන්නට තොරතුරු
දැනගැනීමේ පනත යටතේ සිදුකළ ඉල්ලීම හේතුවෙනි. එය ඇයට තම ගැටලුව විසදා ගැනීමට වුවමනා
ඉදිරි පියවර තබන්නට මඟ විවර කර දුන් ආලෝකයක් වූ බව ඇයගේ විශ්වාසයයි.