d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
මිනිසාගේ සමාජීය හා ආධ්යාත්මික දියුණුව
සදහා කලාව ඉතා වැදගත් වේ. ජනතාව තමකලාරසයඉහළනංවා ගැනීමටනාට්ය,නැටුම්,සංගීතයආදීබොහෝකලාකාමීකටයුතුවල
නිරත වීමට හුරු වී ඇත. මෙම කටයුතු සදහා ප්රමාණවත් පහසුකම් පැවතීම ඉතාමත් වැදගත්
ය.ඒ සදහා ප්රාදේශීය වශයෙන් පහසුකම්සහිතපොදුස්ථානයකඅවශ්යතාවයපවතී.
ගල්නෑව ප්රාදේශීය සභාවේ ප්රතිපාදන
යටතේ මෙවැනි කලා කටයුතු සදහා එම ප්රදේශයේ ශ්රවණාගාරයක් ඉදිකරන ලදී. නමුත් මෙහි
පහසුකම් ජනතාවට භුක්ති විදීමට නම් මෙම ශ්රවණාගාරය ජනසතු කල යුතුය. මෙය ඉදිකොට වසර
දෙකකට අධික කාලයක් ගතවී තිබුනද ගල්නෑව ප්රාදේශීය සභා බලධාරීන් විසින් මෙය ජනසතු
කිරීමට පියවරගෙන නොතිබිණි. එම කාලය තුල දී ශ්රවණාගාරය අවට වල් වැදී එය වැසීයන
මට්ටමට පත්විය. ඒ අනුව ප්රදේශයේ ජනතාව මේ පිළිබඳ කීපවතාවක්ම විමසීම් කළ ද
තත්වයේ කිසිදු වෙනසක් නොවීය. මෙහිදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳ දැනුවත් වූ
කීපදෙනෙකු විසින් මෙය විවෘත කිරීම පිළිබඳ විමසා ප්රාදේශීය සභාවේ තොරතුරු
නිලධාරියා වෙත තොරතුරු අයදුම්පතක් යොමුකිරීමට කටයුතු කරන ලදී.
තොරතුරු නීතිය අනුව නිසි කාලරාමුවට
අනුකුලව ප්රාදේශීය සභාවේ තොරතුරු නිලධාරියා තොරතුරු ලබා නුදුන්න ද තොරතුරු
අයදුම්පත් යොමු කිරීමෙන් මාසයකට අසන්න කාලයක් ගතවන විට මෙම ශ්රවණාගාරයේ අවට සුද්ද
පවිත්ර කිරීමට කටයුතු ආරම්භ කොට එහි වටපිටාව එළිපෙහෙළි කරමින් මෙය වීවෘත කිරමට
අවශ්ය වැඩ කටයුතු සිදු කෙරෙන බව ප්රදේශවාසීන්ට පෙනෙන්නට විය.
වසර දෙකකකට අධික කාලයක් තිස්සේ වසා දමා
වල් බිහිවෙමින් තිබූ ශ්රවණාගාරය ඉතාමත් කෙටි කාලයක් තුල ජන සතු කිරීමට බලධාරීන්ට
අදහස් පහළවුයේ තොරතුරු දැනගැනීමේ පනතට ස්තුති වනන්ට යන්න ප්රදේශවාසීන්ගේ අදහසයි.