d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
ලෝකය කෙතරම් ක්ෂේත්රවලින් දියුණු වුවත්, තවමත් ලෝකයේ බොහෝ තන්හි මිනිසුන් ජීවත් වන්නේ නිවාස, ජලය, වැසිකිලි, විදුලිය පවා නොමැතිව ය. විශේෂයෙන් ශ්රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටවල එවන් මූලික පහසුකම් නොමැතිව ජීවත්වන පිරිස සාපේක්ෂව වැඩිය. එකී මූලික පහසුකම් රජයෙන් ලබා ගැනීමට ජනතාව විවිධ උත්සාහයන්වල නියැලී සිටිති. එසේ අරගල කර ලබා ගන්නා මූලික පහසුකම්වල ද බොහෝ අඩුපාඩු තිබෙනු දැකිය හැකි වේ. නමුත් බොහෝ අවස්ථාවලදී; ජනතාවගේ ඉල්ලීම් කඩදාසි වලට සීමා වනු දැකිය හැකි ය.
එලෙසම මූලික අවශ්යතා නොමැතිව පීඩා විඳින අරබා නගර්, කොක්කුලන්කාල් ප්රදේශයේ ජනතාව පිළිබඳව පසුගියදා පුවත්පත් වාර්තා පළ වී තිබිණි. අරබා නගර්, කොක්කුලන්කල් ප්රදේශයේ ජනතාව පානීය ජලය, වැසිකිලි, මාර්ග සංවර්ධනය, විදුලිය වැනි මූලික පහසුකම් නොමැතිව ජීවත් වන බව ඉන් අනාවරණය කර තිබිණි. එම ජනතාවට මූලික පහසුකම් ලබා නොදුන්නේ මන්දැයි තොරතුරු දැනගැනීමේ පනත ඔස්සේ අපි ඉරක්කාමම් ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහ අට්ටාලච්චේන ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසා සිටියෙමු. එහි දී ප්රාදේශීය ලේකම් කාර්යාල දෙක එකිනෙකට වෙනස් පිළිතුරු ලබා දුන් බව නිරීක්ෂණය කරන ලදී.
මෙම මූලික පහසුකම් ලබාදීමට ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් ගෙන ඇති පියවර මොනවාදැයි ඉරක්කාමම් සහ අට්ටාලච්චේන ප්රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒ අනුව අප විසින් විමසන ලදී. විදුලිය සහ වැසිකිලි පහසුකම් සපයා ඇති බව ඉරක්කාමම් ප්රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. කෙසේ වෙතත්, ප්රදේශයේ ජනතාවට විදුලිය ලබාදීමට කටයුතු කරමින් සිටින බව ආඩාලායිචේන ප්රාදේශීය ලේකම් කාර්යාලය සඳහන් කර ඇත.
ප්රදේශයේ ජනතාවට අවශ්ය මූලික පහසුකම් ලබා නොදුන්නේ නම් ඊට හේතුව ප්රකාශ කරන ලෙසත් මූලික පහසුකම් ලබා දුන්නේ නම් ව්යාපෘතිය සඳහා වැය කළ මුදල කොපමණද යන්න සඳහන් කරන ලෙසත් විමසා සිටින ලදී. එහෙත් කිසිඳු ප්රාදේශීය ලේකම් කාර්යාලයක් විසින් ඒ සඳහා පිළිතුරු ලබා දී නොමැත.
මෙම අරබ නගර්, කොක්කුලන්කල් පිළිබඳ ඉතා වැදගත් තොරතුරක් ඉරාක්කම් ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබා දී තිබිණි. එනම් අට්ටාලච්චේන සහ ඉරක්කාමම් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ අතර නොවිසඳුණු මායිම් ප්රශ්නයක් පවතින බවයි. මෙය විසඳීමට දිසාපතිවරයා කටයුතු කරන ලදී. එමෙන්ම ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් එම මායිම් පෙන්වන්නට ගිය අවස්ථාවේදී “දිඝවාපී” පිරිස විසින් ඔවුන්ව නවතා දැමීම නිසා එම ගැටළුවතවමත් විසඳී නොමැති බව ඉන් අනාවරණය විය.
මේ තත්ත්වය තුළ අට්ටාලච්චේන ප්රාදේශීය ලේකම් කාර්යාලය අක්කරපත්තුවේ පුද්ගලයකුට ආධාර මුදලක් ලබාදී ඇති අතර ඇතැම් පවුල් එම ඉඩමේ පදිංචි කර ඇත්තේ අට්ටාලච්චේන ප්රාදේශීය ලේකම්වරයාගේ අවසරයකින් තොරවය. ඒවා ඉරක්කාමම් ප්රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ කිරීමෙන් පසුව පමණක් මූලික පහසුකම් සැලසිය හැකි බව ඉරක්කාමම් ප්රාදේශීය ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය. කෙසේ වෙතත් අට්ටාලච්චේන ප්රාදේශීය ලේකම් කාර්යාලය විසින් ලබාදුන් තොරතුරුවලින් මේ පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොතිබීම විශේෂත්වයකි.
ඒ අනුව, මෙම ප්රදේශයේ ජනතාව අයත් වන්නේ කුමන ප්රාදේශීය ලේකම් කොට්ඨාශයටද යන්න ප්රාදේශීය ලේකම් කාර්යාල දෙකටම නිශ්චිතව කිව නොහැකි වූ විට ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නේ කවුරුන් ද?