d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
වසර තිහක් පුරා මෙරට පැවති යුධමය තත්ත්වය සමනය වූ තන්හි සිට ගෙවුණු වසර 11 පුරාවට මෙරට ඉතා ශීඝ්රයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව දක්නට ලැබුණි. එවැනි යෝධ සංවර්ධන ක්රියාදාමයක බරපැන තනිවම දැරීමේ ආර්ථික ශක්තිය ක් තුන්වන ලෝකයේ සංවර්ධනය වෙමින් පවත්නා රටක් වන අප වැනි රටවලට කිසිසේත් නොමැති හෙයින් ලෝක බලවතුන් විසින් ලබාදෙන ප්රදානයන් සහ ණය ආධාර සහිතව එකී සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සාමාන්ය සිරිත ය.
ප්රංශ සංවර්ධන ආයතනයේ ණය ආධාර යටතේ අනුරාධපුර නගරය ඉලක්ක කොටගෙන ක්රියාත්මක වන උපාය මාර්ර්ගික නගර සංවර්ධන වැඩසටහන ද එවැන්නක් සඳහා නිදසුනකි. එය මෙරට ද්විතීයික නගර, දේශීය දැක්මකින් යුක්තව තරඟකාරී හා පරිසර හිතකාමී තත්ත්වයන් යටතේ මනා අන්තර් නගර සබඳතා වලින් සපිරි සංවර්ධනය වූ නගරයක් බවට පත් කිරීමේ අරමුණු සහිතව ; නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්යංශය යටතේ ක්රියාත්මක වන වැඩසටහනකි.
මෙම සංවර්ධන ව්යාපෘතියේ වර්තමාන ප්රගතිය, ශ්රී ලංකා පුවත්පත් ආයතනය විසින් 2020 වසරේ ජූලි මස සංවිධානය කරන ලද තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ක්රියාකාරී ජනමාධ්යවේදී සංසඳයේ දී විශේෂ අවධානයක් දිනාගැනීමට සමත් වූ කරුණක් විය. ඒ අනුව අප විසින් 2020 සැප්තැම්බර් මස 15 වැනිදා, උතුරුමැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලය වෙත අදාළ ව්යාපෘතියේ ප්රගතිය පිළිබඳ තොරතුරු ඉල්ලා සිටිමින් තොරතුරු දැනගැනීමේ පනත ප්රකාරව අයදුම්පතක් යොමු කරන ලදී.
ඒ අනුව, මෙම සංවර්ධන වැඩසටහන ක්රියාත්මක කිරීමේදී උතුරුමැද පළාත් සභාව වෙත පැවරී ඇති වගකීම් සහ කාර්යභාරය කුමක් ද යන අපගේ ප්රථම පැනය සඳහා ලබා දී ඇති පිළිතුර පහත පරිදි වේ.
“ව්යාපෘතියේ කටයුතු සඳහා අනෙකුත් ආයතන මගින් ලැබිය යුතු සහාය ලබාගැනීමට අවශ්ය සම්බන්ධීකරණය කිරීමේ කාර්ය භාරය උතුරු මැද පළාත් සභාවේ නිලධාරීන් ඇතුළුව ව්යාපෘති ප්රාදේශීය සංවර්ධන කමිටුව වෙත පැවරී ඇත. ඒ සඳහා පළාත් සභාවේ ආයතන පහත වගකීම් දරයි.
1. නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පොදු පහසුකම් අමාත්යාංශය සමඟ ව්යාපෘති කටයුතු සම්බන්ධීකරණය
2. හඳුනාගත් ව්යාපෘති ක්රියාත්මක කිරීම සඳහා කමිටුවේ එකඟතාවය ලබා දීමට අවශ්ය මගපෙන්වීම
3.ව්යාපෘතියේ ප්රගතිය වාර්තා කිරීම “
ඒ අනුව එකී කටයුතු සාර්ථක ලෙස ක්රියාත්මක කිරීම සඳහා මැදිහත් වන පළාත් සභා ආයතන පහත පරිදි වේ.
1. ප්රධාන ලේකම් කාර්යාලය, උතුරු මැද පළාත
2. අනුරාධපුර මහනගර සභාව
3. මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය
4. පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, උතුරු මැද පළාත
5. පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව,උතුරු මැද පළාත
6.පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව
මෙම ආයතන වල,
1. ප්රධාන ලේකම් / නියෝජ්ය ප්රධාන ලේකම් (සැ), නියෝජ්ය ප්රධාන ලේකම් (ඉ), උතුරුමැද පළාත
2. නාගරික කොමසාරිස්, මහනගර සභාව අනුරාධපුර
3. සාමාන්යාධිකාරී, මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය, උතුරුමැද පළාත
4. සාමාන්යාධිකාරී, පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය, උතුරුමැද පළාත
5. කොමසාරිස්, පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, උතුරුමැද පළාත
6. අධ්යක්ෂ, පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව
යන නිලධාරීන් ඉහත ආයතන තුළින් ක්රියාත්මක කෙරෙන කාර්යභාරයන් සඳහා වගකීම් දරයි.
මූලික ගිවිසුම අනුව 2021 නොවැම්බර් මස 30වන දා අවසන් කිරීමට නියමිත මෙම වැඩසටහනෙහි ප්රගතිය පිළිබඳ අප කළ විමසීමේදී ඒ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් එයට හේතු වූයේ යැයි විශ්වාස කරන අවස්ථා ද්වයක් පිළිබඳ උතුරුමැද පළාත් ප්රධාන ලේකම් කාර්යාලයෙන් දීර්ඝ වශයෙන් තොරතුරු සඳහන් කර එවා ඇති අතර එය මෙම ලිපිය සම්බන්ධ දෙවැනි කොටසින් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙමු.