d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
පවත්නා වසංගත තත්ත්වය යටතේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් වුවත් තවමත් වසංගත අවදානම පහව ගොස් නොමැති බව නොරහසකි. හැකි උපරිමයෙන් තම තමන් ගේ ආරක්ෂාව සපයාගන්නා ලෙසට නිරන්තරයෙන් සෞඛ්ය අංශ තවමත් ජනතාව දැනුවත් කරමින් සිටී.
මෙම තත්ත්වය යටතේ රැකියා ස්ථාන සහ වෙනත් ආයතන ක්රමක්රමයෙන් ස්වකීය සාමාන්ය ක්රියාකාරීත්වයට පැමිණ ඇතත් මෑතක් වන තුරුම පාසැල් සහ වෙනත් අධ්යාපන ආයතන ආරම්හ කිරීමට නොහැකි තත්ත්වයක් පැවතිණි. වසංගත අවදානම අඩු කලාපවල පාසැල් ප්රථමයෙන් ආරම්භ කරන ලද අතර ඉන් පසු පවත්නා තත්ත්වය සළකා බලමින් අවදානම් කලාප වල පාසැල් ද නිසි සැළසුමකට අනුව ආරම්භ කිරීමට මේ වන විට අදාළ බලධාරීන් විසින් කටයුතු කර තිබේ.
මෙසේ පාසැල් ආරම්භ කිරීමේදී සිසුන් ගේ සෞඛ්යාරක්ෂාව සහතික කිරීම සඳහාත් වසංගතය පාසැල් තුළ පැතිර යාම වැළැක්වීම සඳහාත් යොදවා ඇති සනීපාරක්ෂක වැඩපිළිවෙල පිළිබඳ තොරතුරු දැනගැනීමේ අවශ්යතාවයක් පැන නැගිණි. බොහෝ පාසැල් ඒ වන විටත් ඒ ඒ පාසැල් මට්ටමින් නන් ආකාරීය සෞඛ්යාරක්ෂක ක්රමවේද සකස්කොටගෙන තිබුණි. ඒ හැරුණුකොට රජය විසින් එසේ පාසැල් තුළ සෞඛ්යාරක්ෂාව තහවුරු කිරීම සඳහා යම් ආකාරයක ප්රතිපාදන සම්පාදනය කිරීමක් හෝ මැදිහත්වීමක් කොට ඇතිදැයි සොයා බැලීම සඳහා අප විසින් අධ්යාපන අමාත්යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් ගොනු කරනු ලැබිණි.
එයට පිළිතුරු ලබා දෙමින් අධ්යාපන අමාත්යාංශය ලබාදුන් තොරතුරු පහත පරිදි වේ.
2020 ඔක්තෝබර් මස මෙරට ඇති වූ කොවිඩ් වසංගතයේ දෙවැනි රැල්ලෙන් පසු 2020 නොවැම් බර් මස 23 වන දින බස්නාහිර පළාත හැර සෙසු පළාත් වල පාසැල් ආරම් භ කරන ලදී. එසේ පාසැල් විවෘත කිරීමේදී, න් සෞඛ්යාරක්ෂිත පාසැලක් පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්යාපන අමාත්යාංශය විසින් රුපියල් මිලියන 149.8ක ප්රතිපාදන වෙකොට, ලබා දී ඇත.
එම මුදල් දිවයින් පුරා පාසැල් වෙත බෙදා දීමේ පදනම පිළිබඳව ද අප විසින් තොරතුරු විමසන ලදී. ඒ අනුව එම ප්රතිපාදන බෙදී ගිය ආකඅරය පහත පරිදි වේ.
ශිෂ්ය සංඛ්යාව 70ට අඩු පාසැල් සඳහා – රු. 8,000.00
ශිෂ්ය සංඛ්යාව 70 සිට 200 දක්වා පාසැල් සඳහා – රු.14,000.00
ශිෂ්ය සංඛ්යාව 201 සිට 500 දක්වා පාසැල් සඳහා – රු.18,000.00
ශිෂ්ය සංඛ්යාව 501 සිට 1000 දක්වා පාසැල් සඳහා – රු.20,000.00
ශිෂ්ය සංඛ්යාව 1000ට වැඩි පාසැල් සඳහා – රු.22,000.00
මෙම මුදල් ප්රතිපාදන ඒ ඒ පාසැල් වෙත ලබා දීමේ ක්රියා පටිපාටිය පැහැදිලි කරමින් අධ්යාපන අමාත්යාංශය දන්වා එවා ඇත්තේ එම අදාළ මුදල් පළාත් අධ්යාපන කාර්යාල වෙත ලබා දී ඇති බවත්, එම කාර්යාල මගින් අදාළ කලාප කාර්යාල වෙත අදාළ මුදල් ලබා දීමෙන් අනතුරුව එම කලාප කාර් යාල මගින් තම කලාපයේ පාසැල් සංවර්ධන සමිති වෙත අදාළ මුදල් බැර කිරීමට කටයුතු කරන බව ය.