d(・ω・d) 微分!(∫・ω・)∫ 積分!∂(・ω・∂) 偏微分!(∮・ω・)∮ 沿閉曲線的積分!(∬・ω・)∬ 重積分!∇(・ω・∇)梯度!∇・(・ω・∇・)散度!∇×(・ω・∇×)旋度!Δ(・ω・Δ)拉普拉斯!#゚Å゚)⊂彡☆))゚Д゚)・∵ლ(◉◞౪◟◉ )ლ千言萬語,不如一個「表情符號(emoji)」簡單生動又有趣!ಠ▃ಠ生氣、-`д´-憤怒、(¬_¬)無言、(•͈⌔•͈⑅)傷心、哭、開心、大笑、可愛、困惑、發呆、大眼睛、驚呀、跳舞、興奮、奔跑..≧Д≦ (; ≧皿≦) (⁎˃ᆺ˂) ╬ Ò ‸ Ó) <(`^´)> ( >д<) (ꐦ ಠ皿ಠ ) (`Д´) (; `O´)o o(-`д´- 。) ( ˃⌂˂ ) (°ㅂ° ╬) (ʘ言ʘ╬) (Ò 皿 Ó ╬) (-`д´-) 눈_눈 (⋋▂⋌) (¬▂¬) ಠ▃ಠ (>x<) ╰(‵□′)╯ 📺1
අප පසු වන්නේ අතීතයට සාපේක්ෂව කෙතරම් දියුණු යුගයක වුව ද තවමත් ස්ත්රී-පුරුෂ සමානාත්මතාවය පිළිබඳ පවතින තත්ත්වය විවාදාත්මක ය. විශේෂයෙන් ජනමාධ්ය ක්ෂේත්රය තුළ එකී තත්ත්වය බරපතල ය. යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන පරිදි ආසියා-පැසිෆික් කලාපය පුරා ජනමාධ්ය ක්ෂේත්රය තුළ, පුරුෂයින්ට සාපේක්ෂව කාන්තා නියෝජනය තවමත් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පවතී.
යුනෙස්කෝ නවදිල්ලි කාර්යාලය ශ්රී ලංකා පුවත්පත් ආයතනය සමඟ එක්ව පසුගිය 2020 පෙබරවාරි 26-27 දිනවල කාන්තා මාධ්යවේදීන් සඳහා සංවිධානය කළ දින දෙකක ධාරිතා වර්ධන වැඩමුළුවේ දී සිය අදහස් දක්වමින් යුනෙස්කෝ සංවිධානයේ නව දිල්ලි අධ්යක්ෂක, එරික් ෆෝල්ට් මහතා පවසා සිටියේ මාධ්ය ක්ෂේත්රයේ ස්ත්රී පුරුෂ සමානාත්මතාවය – මාධ්ය නිදහස සඳහා තීරණාත්මක පූර්ව කොන්දේසියක් බවට යුනෙස්කෝ සංවිධානය විශ්වාස කරන බවයි.
ඒ අනුව 2020 වසර තුළ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ජනමාධ්යවේදීන් ප්රමාණය පිළිබඳ විමසීම ඉලක්ක කොටගෙන අප විසින් අවස්ථා දෙකක දී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත තොරතුරු දැනගැනීමේ අයිතිය ප්රකාරව තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් යොමු කෙරිණි.
ඒ අනුව මාධ්ය ක්ෂේත්රයෙහි කටයුතු කරන පුද්ගලයින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිව එමගින් ලබා දෙනු ලබන ජනමාධ්යවේදී හැඳුනුම්පත ලබාගැනීම සඳහා අවම වශයෙන් පහත සුදුසුකම් සපුරා තිබිය යුතු බව සඳහන් කර ඇත.
මේ අනුව 2020 වසර සඳහා රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් ජනමාධ්යවේදී හැඳුනුම්පත් 3113ක් නිකුත් කර තිබේ. එම ලියාපදිංචි හැඳුනුම්පත් ලාභීන් අතරින් කාන්තා නියෝජනය 904 කි. එම ප්රමාණය නියෝජනය වන්නේ පහත පරිදි ය.
(මෙම තොරතුරු 2020 වසරේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කාන්තා මාධ්යවේදීන් සම් බන් ධව ය. පුහුණුවීම් පදනම මත සේවය කරන අයවලුන් සඳහා හැඳුනුම්පත් නිකුත් නොකෙරෙන් බැවින් දැනට සේවයෙහි නිරත තථ්ය ප්රමාණය මීට සුළු වශයෙන් වැඩි විය හැකි ය. )
කෙසේ නමුත් මෙම තොරතුරු හා සැසඳීමේ දී 2020 වසර සඳහා ජනමාධ්යවේදී හැඳුනුම්පත් ලාභී වෘත්තීය මාධ්යවේදීන් අතුරින් කාන්තා නියෝජනය 29.03% ක් බව විශේෂයෙන් පෙන්වා දිය යුතු ය.